ජිජැක්

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යයනය 04 වැනි කොටස “ ප්‍රතිචාර – ප්‍රපංචවේදී විසිනි

Posted on

126-549x320

විවේචනය කළ හැකියි. එහෙත් සත්‍ය ලෙසම නොවේ. 

මේ හතරවැනි කොටසේ සාකච්ඡාව ඇරඹෙන්නේ මේ ප්‍රශ්නයෙන් –

ස්ටාලින් වාදය යනුවෙන් ජිජැක් සාකච්ඡා කරන්නෙ කුමක් ද කියලා ටිකක් පැහැදිලි කරගනිමු ද?

දැන් මේකට ප්‍රතිචාර දක්වන්න ඉස්සරවෙලා කියන්න දෙයක් තියෙනවා, ඒ තමයි මේ ලිපි පෙළේ පසුගිය 3න් වෙනි කොටස ඉවර කරපු තැන සම්පූර්ණයෙන්ම අමතක කරල වෙන කාරණාවකට මාරු වෙන එක. 3න් වෙනි කොටසේ අන්තිමට මෙහෙම කතාවක් කිව්වා.

ජිජැක් ට “ කම්කරු සංගමයකින් දේශනයකට ආරාධනා කරනවා. නමුත් ඔහු එය මගහැර එදාම යුරෝපීය පශ්චාත් අධ්‍යන ආයතනයේ දේශනයක් සඳහා සහභාගි වෙනවා.” “ ඇමරිකානු ඇකඩමියාව නමැති තැනට ඔහු යනවා. නමුත් කම්කරු සංගමයේ තිබෙන දේශනයට යන්නෙ නැහැ. “

දැන් මේක ගැන කිසිම පැහැදිළි කිරීමක් නැතිව වෙන කාරණාවකට මාරු වෙන්නේ පාඨකයාගේ කුතුහලය අවුස්සල ඇයව දේවාලය ඇතුළට ගෙන්නා ගන්න ද? එහෙම නැත්නම් පූසාරි ගේ අවුල නිසාද? ඒ මොකක් වුනත් පාඨකයා තීරණය කරන්න ඕන මේක දේවල් ඉගැන්වීමේ පැහැදිළි කිරීමේ කොයි තරම් හොඳ ක්‍රමයක්ද කියල. ඒ වගේම මේක පුවත් පතක දේවල් ලිවීමේ කොයි තරම් හොඳ ක්‍රමයක්ද කියල. වැඩේ තියෙන්නේ දැන් ලංකාවේ පුවත් පත් කලාවක් නැහැ. තියෙන්නේ පුවත් පත් විතරයි. සංස්කාරකවරු ඉන්නේ ලිපි සංස්කරණය කරන්න නෙවෙයි. ඒව නිකං එකතු කරල ඔහේ දාන්න.

එතකොට මේ කොටසේ ප්‍රශ්නය –

ස්ටාලින් වාදය යනුවෙන් ජිජැක් සාකච්ඡා කරන්නෙ කුමක් ද කියලා ටිකක් පැහැදිලි කරගනිමු ද?

ජිජැක් ට “ කම්කරු සංගමයකින් දේශනයකට ආරාධනා කරනවා. නමුත් ඔහු එය මගහැර එදාම යුරෝපීය පශ්චාත් අධ්‍යන ආයතනයේ දේශනයක් සඳහා සහභාගි වෙනවා.” “ ඇමරිකානු ඇකඩමියාව නමැති තැනට ඔහු යනවා. නමුත් කම්කරු සංගමයේ තිබෙන දේශනයට යන්නෙ නැහැ. “

දැන් මේක ගැන කිසිම පැහැදිළි කිරීමක් නැතිව වෙන කාරණාවකට මාරු වෙන්නේ පාඨකයාගේ කුතුහලය අවුස්සල ඇයව දේවාලය ඇතුළට ගෙන්නා ගන්න ද? එහෙම නැත්නම් පූසාරි ගේ අවුල නිසාද? ඒ මොකක් වුනත් පාඨකයා තීරණය කරන්න ඕන මේක දේවල් ඉගැන්වීමේ පැහැදිළි කිරීමේ කොයි තරම් හොඳ ක්‍රමයක්ද කියල. ඒ වගේම මේක පුවත් පතක දේවල් ලිවීමේ කොයි තරම් හොඳ ක්‍රමයක්ද කියල. වැඩේ තියෙන්නේ දැන් ලංකාවේ පුවත් පත් කලාවක් නැහැ. තියෙන්නේ පුවත් පත් විතරයි. සංස්කාරකවරු ඉන්නේ ලිපි සංස්කරණය කරන්න නෙවෙයි. ඒව නිකං එකතු කරල ඔහේ දාන්න.

 

එතකොට මේ කොටසේ ප්‍රශ්නය – “ ස්ටාලින් වාදය යනුවෙන් ජිජැක් සාකච්ඡා කරන්නෙ කුමක් ද කියලා ටිකක් පැහැදිලි කරගනිමු ද?

 

මෙන්න පූසාරි තැනගේ උත්තරය – “ ඔව්… අපි හැමෝ ම අපි ස්ටාලින්වාදය කතාකරන්න බයයි. නමුත් ජිජැක් ස්ටාලින් පිළිබඳ යම් ආකාරයකට ධනාත්මකව කතා කරනවා. ඔහු ඒ සම්බන්ධයෙන් කතා කරද්දි මිනිස්සු තිගැස්සීමට ලක් වුණා. මොකද අපි හැමෝ ම හිතන්නෙ ස්ටාලින් වාදය භයානකයි, ට්‍රොට්ස්කි වාදය හරි අහිංසකයි වගේනෙ. නමුත් ඒක එහෙම නෙවෙයි. ඒ ඓතිහාසික අවස්ථාවෙදි ට්‍රොට්ස්කිට කරන්න සිද්ධ වුණ දේ ජිජැක් පැහැදිලිව ම කතා කරනවා.“

 

දැන් බලන්න පහළ ජිජැක් ඔය “පැහැදිලිව ම කතා කරන“ දේ කොයි තරම් පැහැදිළි වෙනවද කියල. දැන් මේ පූසාරි තැන පහළ කියන්නේ “ඒ ඓතිහාසික අවස්ථාවෙදි ට්‍රොට්ස්කිට කරන්න සිද්ධ වුණ දේ “ ද? කියල බලන්න. එහෙම දෙයක් මෙතන නැහැ. මෙතන තියෙන්නෙ පුද්ගලික සාරය ගැන කතාවක්. ඒක මෙහෙමයි –

 

“ අපි නිතරම අපේ පුද්ගලික සාරය ගැන හිතනවා. “

 

දැන් මේක ඇත්තද? අපි නිතරම අපේ පුද්ගලික සාරය ගැන හිතනවද? ඒ කියන්නේ මොකක්ද?

“මේ පුද්ගලික සාරය කොටස්වලට කඩාගෙන කඩාගෙන ගියාම අවසානයේ අප තුළ අශ්ලීල දෙයක් ඉතිරි වෙනවා.“

 

දැන් බලන්න මේ පූසාරි තැන අශ්ලීල කියන වචනය පාවිච්චි කරන අර්ථය මෙතන. ඉංග්‍රීසියෙන් obscene කියන වචනය තමයි සිංහලෙන් මේ අශ්ලීල කියල කියන්නෙ. Obscene කියන වචනයේ තේරුම මොකක්ද?Oxford ශබ්ද කෝෂයට අනුව මෙහෙමයි.

 

(Of the portrayal or description of sexual matters) offensive or disgusting by accepted standards of morality and decency:obscene jokes

 

පිළිගත් ප්‍රමිතීන්ට හෝ සදාචාරයට සහ විනීතකමට අනුව අප්‍රසන්න සහ පිළිකුල් උපදවන ලිංගික දේ නිරූපණය හෝ විස්තර කිරීම

 

1.1Offending against moral principles; repugnant:using animals’ skins for fur coats is obscene

සදාචාර මූලධර්මවලට එරෙහිව යන අප්‍රසන්න දේ ; අතිශයින් අප්‍රිය

එතකොට මේ ජිජැක්වාදී පූසාරිතැන සම්මත සදාචාරය පිළිඅරගනිමින් එයට එරෙහිව යන ක්‍රියාවන් අශ්ලීල කියල හඳුන්වනව. මේ ජිජැක් ගේ අදහස ද? ඒ කියන්නේ ජිජැක් කියන්නේ සම්මත සදාචාරවාදියෙක් ද?

මොකක්ද මේ පුද්ගලික සාරය කොටස්වලට කඩාගෙන කඩාගෙන යනව කියන්නෙ? කවුද ඒක කරන්නෙ? කොහොමද? මේක මනෝ විශ්ලේෂණ ක්‍රමයක්ද? ඉතින් මේක සාමාන්‍ය මිනිසුන්ට අදාළ වෙන්නෙ කොහොමද?

මේ බලන්න පූසාරි තැන කියන දේ –

“අපි මොනතරම් ශිෂ්ට විදියට හිටියත් මේ සන්දර්භය කඩාගෙන ඇතුළට යන්න යන්න හමුවෙන්නෙ මොකක්ද? අපි තුළ ඉන්න ස්ත්‍රී දුෂකයා, අපි තුළ ඉන්න මිනීමරුවා, අපි තුළ ඉන්න කුහකයා යනාදී මේ සියලු දෙනා ම හමු වෙනවා. ඇත්තට ම අපි වැඩියෙන් ම කැමති මිනී මරන්න. මෙන්න මේ සත්වයා (Animalist) අපිට හමුවෙන්නෙ මේ විදියට කඩාගෙන කඩාගෙන ඇතුළට ගියාට පස්සෙ. “

 

“ ඇත්තට ම අපි වැඩියෙන් ම කැමති මිනී මරන්න.“

 

මේක මේ පූසාරි ඇතුළු ඊනියා ජිජැක්වාදීන් තමන් ගේ අනුගාමිකයන් මත පනවන්න කැමති අදහසක් වගෙයි. නමුත් ඇත්තටම මිනිස්සු “වැඩියෙන් ම කැමති මිනී මරන්න“ කියන අදහසේ පදනම මොකක්ද? ඒකද මිනිස්සුන්ට කෙනෙක් තව කෙනෙකුට හෝ සතෙකුට හෝ හිරිහැරයක් කරදරයක් කරනව බලන් ඉන්නවත් දරාගන්නවත් බැරි? ඒකද මිනිස්සු අව්‍යාජ ලෙසම මාංශ භක්ෂණ විරෝධීන් වෙන්නෙ? ජිජැක්වාදීන් කියන්නේ මනුෂ්‍යයා ඇතුලේ හංගගත්තු තිරිසනෙක් ඉන්නව කියන එකයි. හැබැයි තිරිසන්නු ස්ත්‍රී දුෂකයොද? තිරිසන්නු නිකම්ම අනිත් සත්තු මරනවද? මනුෂ්‍යා ශිෂ්ට වෙන්න ඉස්සරවෙලා කරේ ස්ත්‍රී දූෂණය කර කර මිනී මර මර ඇවිද්ද එකද?

 

දැන් මේ කියන්නේ අපි එළියට ශිෂ්ට බව පෙන්නුවත් අපේ ඇතුළ අශ්ලීලයි කියන එකද? මේක මානවයා පිළිබඳ සත්‍යයක්ද? නැත්නම් තවත් කතිකාවක් පමණක් නොවෙයිද? ඒ කියන්නේ මේකෙන් කියන්නේ මිනිසා කියන්නේ මර්ධනයෙන් ශිෂ්ට කරපු තිරිසනෙක් කියන එකයි. මේක ඇත්තද? මනුෂ්‍යයා ශිෂ්ට වෙලා තියෙන්නේ මර්ධනයෙන්ද? ඒ කියන්නේ පොලීසිය නැත්නම් “අපි තුළ ඉන්න ස්ත්‍රී දුෂකයා, අපි තුළ ඉන්න මිනීමරුවා“ ස්ත්‍රීන් දූෂණය කරන්න මිනී මරන්න පටන් ගන්නවද?

 

දැන් කුහක කමත් මනුෂ්‍යයා තුළ තියෙනව කියන මේ සත්ව ලක්ෂණ වලට දාන්න පුළුවන්ද? ‍ මෙතන අර අර්ජුන පරාක්‍රම කියනව වගේ category mistake එකක් වගේ නේද? සත්තු අතර කුහක සත්තු කවුරු හරි දැකල අහල තියෙනවද?

 

බලන්න පූසාරි තැන ආයෙම කියන දේ –

 

“ අවසානයේ ආත්මීය සාරය කියල ඉතිරි වෙන්නෙ නාසීස්මික ලක්ෂණ. මේ ලක්ෂණ මතුවෙන්නෙ තමන් තමන්ට ම කරන අශ්ලීල ආදරය තුළින්. “

 

දැන් මේ කියන්නේ මනුෂ්‍යයා තුළ තියෙනව කියන මේ සත්ත්ව ලක්ෂණ නාසීස්මික ලක්ෂණ කියල යි. ඉතින් සත්තුන්ට නාසීස්මික ලක්ෂණ තියෙනව කියලද මේ කියන්නේ? ඒ හින්ද වෙන්න ඇති නේද සත්තු නිතරම කන්නාඩියෙන් මූණ බල බලා ඉන්නෙ?

නාසිස්මය ඔබ දන්නා “නව වාම“ දේශපාලන නායකයන් ක්‍රියාකාරීන් සන්සන්දනය කරලා බලන්න :

 

Narcissistic Personality Disorder involves arrogant behavior, a lack of empathy for other people, and a need for admiration-all of which must be consistently evident at work and in relationships. People who are narcissistic are frequently described as cocky, self-centered, manipulative, and demanding. Narcissists may concentrate on unlikely personal outcomes (e.g., fame) and may be convinced that they deserve special treatment. Related Personality Disorders: Antisocial, Borderline, Histrionic. Narcissism is a less extreme version of Narcissistic Personality Disorder. Narcissism involves cockiness, manipulativeness, selfishness, power motives, and vanity-a love of mirrors. Related personality traits include: Psychopathy, Machiavellianism.

Narcissists tend to have high self-esteem. However, narcissism is not the same thing as self-esteem; people who have high self-esteem are often humble, whereas narcissists rarely are. It was once thought that narcissists have high self-esteem on the surface, but deep down they are insecure. However, the latest evidence indicates that narcissists are actually secure or grandiose at both levels. Onlookers may infer that insecurity is there because narcissists tend to be defensive when their self-esteem is threatened (e.g., being ridiculed); narcissists can be aggressive. The sometimes dangerous lifestyle may more generally reflect sensation-seeking or impulsivity (e.g., risky sex, bold financial decisions).

https://www.psychologytoday.com/conditions/narcissistic-personality-disorder

 

පූසාරි තැන ඒ පාර මෙහෙම කියනවා –

“ මේක වැදගත් වෙන්නෙ සහ වටහා ගැනීම වඩාත් පහසු වෙන්නෙ කොහොමද? අපි හොඳට ම දන්නවා ස්ටාලින් වාදය තුළ එක එක්කෙනාට එක එක ආතල් තිබුණෙ නැහැ. ජිජැක් ඒක පැහැදිලි කරල දෙන විදියක් තිබෙනවා.“

 

දැන් මේ අදහස කලින් කී නාසිස්මය පිළිබඳ අදහස එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? කියල තේරෙනවද කාට හරි? බලමු.

 

පූසාරි කියන්නේ මේකයි –

 

“ කවුරුන් හෝ ස්ටාලින් ඉදිරිපිට ඔහු විවේචනය කළොත්, ඒ කියන්නෙ ස්ටාලින් තමන්ට නිදහස දෙන්නෙ නැ, ඔබ ඒකාධිකාරියි කියල

ඒ මොහොතෙ එතන ඉන්න තව කෙනෙක් කියනවා නෑතමුසෙට පිස්සුද එහෙම දෙයක් නෑ.කියලා.

ජිජැක් කියන්නෙ මේ පළමු පුද්ගලයාට කලින් දෙවන පුද්ගලයා අතුරුදන් වෙන බවයි. ඇත්තට ම ස්ටාලින් වාදය තුළ තමාගේ ආශාවට ඉඩ දුන්නා. ඒක හරිම අශ්ලීල ඉඩක්. “

 

“ ඇත්තට ම ස්ටාලින් වාදය තුළ තමාගේ ආශාවට ඉඩ දුන්නා. ඒක හරිම අශ්ලීල ඉඩක්” කියල පූසාරි කියන කොට ඒක කලින් කියපු “ ස්ටාලින් වාදය තුළ එක එක්කෙනාට එක එක ආතල් තිබුණෙ නැහැ” කියන එකත් එක්ක ගැළපෙන්නේ කොහොමද?

 

අනෙක මේ කියන්නේ තිබුනේ එකම එක ආතල් එකයි කියලද? ප්‍රශ්නේ තියෙන්නේ, ඒ මොකක්ද? කියන එකයි.

 

දැන් මේක අශ්ලීල ඉඩක් වෙන්නේ සම්මත සදාචාරයට එරෙහිව යන්න දෙන ඉඩක් නිසාද? දෙවැනි පුද්ගලයා පළමුව අතුරුදහන් වෙන්නේ ඔහු ඒ අශ්ලීල ඉඩ වළක්වන්න හදන නිසාද? ඒ කියන්නේ ස්ටාලින් කැමති නැද්ද බොරු කියන අයට? ඕනවට වඩා පන්දම් අල්ලන අයට? තමන්ට ‍නමුත් පළමු පුද්ගලයා දෙවනුව හරි අතුරුදහන් වෙන්නේ ඇයි? එතකොට මෙතන ඉඩ දීපු අශ්ලීල ප්‍රකාශණය මොකක්ද? මේව තර්කනයේ මූලික තර්ක වලටත් එකඟ නැති අපභ්‍රංස නේද?

 

පූසාරි කියනව “ මේ විදියට ඉඩ දීමේ ලක්ෂණ හැම ඒකාධිකාරියකු තුළ ම තිබෙනවා. ‘ඔබට ඔබ කැමති දේ කළ හැකියි. නමුත් එය එළියේ ප්‍රකාශ නොකළ යුතුයි.’ මේකයි තියරිය“ කියල.

 

මෙතන එළියේ කියන්නේ ඒකාධිපතිය ඉදිරිපිට කියන එක නෙවෙයි, සංවිධානයෙන් එළියේ කියන එක වගෙයි පේන්නේ?

 

“ යම් විදියකින් ඒ නිදහස පිළිබඳ එළියෙ සාකච්ඡා වුණා නම් ඒ සාකච්ඡාවට සම්බන්ධ වූ අය අතුරුදන් වෙනවා. මේ කියන ආත්මීය විපරීත භාවය එබඳු දෙයක්.”

 

කාගේ ආත්මීය විපරීතභාවය ද? මේක ආත්මීය විපරිතභාවයක් වෙන්නේ කොහොමද? ඒක විපරීතභාවයක් නම් සාමාන්‍ය තත්වය මොකක්ද?                  පූසාරි තැන දේවාලේ කපුවා වගේ ඔහේ දොඩවනව. ගෝලය ඔහේ ඒව ලියනව.

 

දැන් ගෝලයට නම් මේව හරියට තේරෙනව. ඒ නිසා මිනිහ ප්‍රශ්නයක් අහනව මෙහෙම –

ජිජැක් කියන්නෙ මේ පළමු පුද්ගලයාට කලින් දෙවන පුද්ගලයා අතුරුදන් වෙන බවයි. ඇත්තට ම ස්ටාලින් වාදය තුළ තමාගේ ආශාවට ඉඩ දුන්නා. ඒක හරිම අශ්ලීල ඉඩක්. “

 

“ ඇත්තට ම ස්ටාලින් වාදය තුළ තමාගේ ආශාවට ඉඩ දුන්නා. ඒක හරිම අශ්ලීල ඉඩක්” කියල පූසාරි කියන කොට ඒක කලින් කියපු “ ස්ටාලින් වාදය තුළ එක එක්කෙනාට එක එක ආතල් තිබුණෙ නැහැ” කියන එකත් එක්ක ගැළපෙන්නේ කොහොමද?

 

අනෙක මේ කියන්නේ තිබුනේ එකම එක ආතල් එකයි කියලද? ප්‍රශ්නේ තියෙන්නේ, ඒ මොකක්ද? කියන එකයි.

 

දැන් මේක අශ්ලීල ඉඩක් වෙන්නේ සම්මත සදාචාරයට එරෙහිව යන්න දෙන ඉඩක් නිසාද? දෙවැනි පුද්ගලයා පළමුව අතුරුදහන් වෙන්නේ ඔහු ඒ අශ්ලීල ඉඩ වළක්වන්න හදන නිසාද? ඒ කියන්නේ ස්ටාලින් කැමති නැද්ද බොරු කියන අයට? ඕනවට වඩා පන්දම් අල්ලන අයට? තමන්ට ‍නමුත් පළමු පුද්ගලයා දෙවනුව හරි අතුරුදහන් වෙන්නේ ඇයි? එතකොට මෙතන ඉඩ දීපු අශ්ලීල ප්‍රකාශණය මොකක්ද? මේව තර්කනයේ මූලික තර්ක වලටත් එකඟ නැති අපභ්‍රංස නේද?

 

පූසාරි කියනව “ මේ විදියට ඉඩ දීමේ ලක්ෂණ හැම ඒකාධිකාරියකු තුළ ම තිබෙනවා. ‘ඔබට ඔබ කැමති දේ කළ හැකියි. නමුත් එය එළියේ ප්‍රකාශ නොකළ යුතුයි.’ මේකයි තියරිය“ කියල.

 

මෙතන එළියේ කියන්නේ ඒකාධිපතිය ඉදිරිපිට කියන එක නෙවෙයි, සංවිධානයෙන් එළියේ කියන එක වගෙයි පේන්නේ?

 

“ යම් විදියකින් ඒ නිදහස පිළිබඳ එළියෙ සාකච්ඡා වුණා නම් ඒ සාකච්ඡාවට සම්බන්ධ වූ අය අතුරුදන් වෙනවා. මේ කියන ආත්මීය විපරීත භාවය එබඳු දෙයක්.”

 

කාගේ ආත්මීය විපරීතභාවය ද? මේක ආත්මීය විපරිතභාවයක් වෙන්නේ කොහොමද? ඒක විපරීතභාවයක් නම් සාමාන්‍ය තත්වය මොකක්ද?                  පූසාරි තැන දේවාලේ කපුවා වගේ ඔහේ දොඩවනව. ගෝලය ඔහේ ඒව ලියනව.

 

දැන් ගෝලයට නම් මේව හරියට තේරෙනව. ඒ නිසා මිනිහ ප්‍රශ්නයක් අහනව මෙහෙම –

“ හරියට පසුගිය වකවානුවේ අපේ රටේ සිදුවුණා වගේ ද?

මෙන්න උත්තරේ –

 

“ ඔව්… මහින්දත් මේ වගේ ම තමයි. ඔහු තමන් තුළ තිබුණ අශ්ලීල ම දේ ගොඩනැගෙන්න ඉඩ දුන්නා. අන්න ඒ විදියට ඉඩ දීම තුළ ම තමයි එය පාලනය කළ නොහැකි දුරකට ගමන් කළේ. රත්තරන්ට තමන් කැමති විදියට හොරකම් කරන්න පුළුවන් වුණේ, සාරුවා සුනිල්ට කන්‍යාවො සීයක් දූෂණය කරල පාටියක් දාන්න පුළුවන් වුණේ, තවත් එකෙකුට විදේශීය පුද්ගලයෙක් මරල ඔහු ගේ පෙම්වතිය දූෂණය කරන්න පුළුවන් වුණේ මෙන්න මේ කියපු ‘ඉඩ’ ලබා දීපු නිසා. “

 

දැන් මේ පූසාරි ගේ උත්තරේ එයාගෙ තර්කෙත් එක්ක ගැළපෙනවද? මේ එකම එක ආතල් එකක් ද? නැත්නම් එක එක වෙනස් ආතල් ද?

 

පූසාරි ආපහු මෙහෙම කියනව

“ නමුත් මීට එරෙහිව කතා කරපු අයට මොකද වුණේ? අනිවාර්යයයෙන් ඒ පුද්ගලයා අතුරුදන් වෙනවා. එහෙම නැත්නම් අත පය කඩනවා. එහෙමත් නැත්නම් ප්‍රසිද්ධියේ මරා දමනවා. අපට මතකයිනෙ තංගල්ල පැත්තෙ එහෙම සිද්ධි කිහිපයක් වුණා. මෙන්න මෙතනදි තමයි ඔබ කියපු ආත්මීය මලපුඩුව අපිට සොයාගන්න පුළුවන් වෙන්නෙ. මේ ස්ටාලින්වාදි ලක්ෂණයට වඩා සමස්තථාවාදී ලක්ෂණය තුළ තිබෙන රෝගි ස්වභාවය. මෙතනදි වටහා ගත යුතු යථාර්ථය වෙන්නෙ විවේචනය කරන්න බැහැ කියන දේ නොවෙයි. ‘සත්‍යය ලෙස ම විවේචනය කරන්න බැහැ’ කියන කාරණය යි.”

 

දැන් පූසාරි මේ කියන දේවල අවුල බලන්න. අනතුරට ලක්වෙන්නේ එරෙහිව කතා කරන කෙනාද? එරෙහිව එළියේ කතා කරන ‍කෙනාද? ඒ එරෙහිව කියන දේ බොරු කියල නායකයාගේ ක්‍රියා රකින්න හදින දෙවැනි කෙනාද? ඉතින් මේ පූසාරි ජිජැක් කොහේ හරි තැනක කිව්වා කියල කතාවක් අරගෙන මේ කියන දේවල් එකකට එකක් පරස්පර සම්බන්ධය අවුල් කතන්දර නේද? මේව ඉංග්‍රීසියට දාල ජිජැක්ට යවන්න ඕන ඉ‍‍ගෙන ගන්න.

 

හැබැයි මේ කිසි දෙයක් සියල්ල මනාව වැටහෙන ‍ගෝලයාට නම් ප්‍රශ්න නෙවෙයි. මිනිහ ප්‍රශ්න අහන්නේ ලංකාවෙ විප්ලවය කරන හැටි ගැන සූත්‍රය පූසාරි තුමාගෙන් අහගන්න ජිජැක් දෙවි තුමා වදාරල තියෙන ධර්මයට අනුව.

 

මෙන්න උත්තරේ –

 

“ ඔව්… මහින්දත් මේ වගේ ම තමයි. ඔහු තමන් තුළ තිබුණ අශ්ලීල ම දේ ගොඩනැගෙන්න ඉඩ දුන්නා. අන්න ඒ විදියට ඉඩ දීම තුළ ම තමයි එය පාලනය කළ නොහැකි දුරකට ගමන් කළේ. රත්තරන්ට තමන් කැමති විදියට හොරකම් කරන්න පුළුවන් වුණේ, සාරුවා සුනිල්ට කන්‍යාවො සීයක් දූෂණය කරල පාටියක් දාන්න පුළුවන් වුණේ, තවත් එකෙකුට විදේශීය පුද්ගලයෙක් මරල ඔහු ගේ පෙම්වතිය දූෂණය කරන්න පුළුවන් වුණේ මෙන්න මේ කියපු ‘ඉඩ’ ලබා දීපු නිසා. “

 

දැන් මේ පූසාරි ගේ උත්තරේ එයාගෙ තර්කෙත් එක්ක ගැළපෙනවද? මේ එකම එක ආතල් එකක් ද? නැත්නම් එක එක වෙනස් ආතල් ද?

 

පූසාරි ආපහු මෙහෙම කියනව

“ නමුත් මීට එරෙහිව කතා කරපු අයට මොකද වුණේ? අනිවාර්යයයෙන් ඒ පුද්ගලයා අතුරුදන් වෙනවා. එහෙම නැත්නම් අත පය කඩනවා. එහෙමත් නැත්නම් ප්‍රසිද්ධියේ මරා දමනවා. අපට මතකයිනෙ තංගල්ල පැත්තෙ එහෙම සිද්ධි කිහිපයක් වුණා. මෙන්න මෙතනදි තමයි ඔබ කියපු ආත්මීය මලපුඩුව අපිට සොයාගන්න පුළුවන් වෙන්නෙ. මේ ස්ටාලින්වාදි ලක්ෂණයට වඩා සමස්තථාවාදී ලක්ෂණය තුළ තිබෙන රෝගි ස්වභාවය. මෙතනදි වටහා ගත යුතු යථාර්ථය වෙන්නෙ විවේචනය කරන්න බැහැ කියන දේ නොවෙයි. ‘සත්‍යය ලෙස ම විවේචනය කරන්න බැහැ’ කියන කාරණය යි.”

 

දැන් පූසාරි මේ කියන දේවල අවුල බලන්න. අනතුරට ලක්වෙන්නේ එරෙහිව කතා කරන කෙනාද? එරෙහිව එළියේ කතා කරන ‍කෙනාද? ඒ එරෙහිව කියන දේ බොරු කියල නායකයාගේ ක්‍රියා රකින්න හදින දෙවැනි කෙනාද? ඉතින් මේ පූසාරි ජිජැක් කොහේ හරි තැනක කිව්වා කියල කතාවක් අරගෙන මේ කියන දේවල් එකකට එකක් පරස්පර සම්බන්ධය අවුල් කතන්දර නේද? මේව ඉංග්‍රීසියට දාල ජිජැක්ට යවන්න ඕන ඉ‍‍ගෙන ගන්න.

 

හැබැයි මේ කිසි දෙයක් සියල්ල මනාව වැටහෙන ‍ගෝලයාට නම් ප්‍රශ්න නෙවෙයි. මිනිහ ප්‍රශ්න අහන්නේ ලංකාවෙ විප්ලවය කරන හැටි ගැන සූත්‍රය පූසාරි තුමාගෙන් අහගන්න ජිජැක් දෙවි තුමා වදාරල තියෙන ධර්මයට අනුව.

 

“ ජිජැක්ට අනුව ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රියාකාරිත්වය විග්‍රහ කරන්නේ කොහොමද?

මෙන්න පූසාරිගෙ උත්තරය ඒකට –

 

“ දේශපාලන පක්ෂයක ක්‍රියාකාරිත්වය කුමක් ද කියන ප්‍රශ්නය…? ලංකාව වගේ රටවල්වල දේශපාලන පක්ෂවලට පුද්ගලයො ඇවිත් තමන්ට ප්‍රතිරුප හදාගෙන වෙනත් පක්ෂයකට යනවා. එහෙමත් නැත්නම් වෙනම පක්ෂයක් පිහිටුවාගෙන පවතින ආණ්ඩුව සමග එකතු වෙනවා. ඊට පස්සෙ පක්ෂ නායකයො ‘හනේ අපොයි’ කියනවා. තමන් මොකට ද පක්ෂයකට බැඳෙන්නෙ කියල පක්ෂයකට බැඳෙන පුද්ගලය දන්නෙ නැහැ. ඒ එක්ක ම ඔවුන් එන්නෙ මොනවට ද කියලා පක්ෂ නායකයො දන්නෙත් නැහැ. “

 

පූසාරි කියන විදියට මේ ලංකාවේ පමණක් දේශපාලන පක්ෂ වලට විශේෂ දෙයක්ද? මිනිස්සු පක්ෂ මාරු කරන එක. මිනිස්සු දේශපාලනයට එන්නේ තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා – බලය, මුදල් යනාදිය ඉලක්ක කරගෙන වුනාම මෙ‍හෙම වෙනව කොහෙත්. එහෙම නොවෙන්නේ ඒ කියන්නේ වැඩි දෙනෙක් ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන්නේ දේශපාලනය කියන්නේ තමන් ගේ ආත්ම ලාභය තකා නොවෙයි රට වෙනුවෙන් කියන අදහස ස්ථාපිත වෙලා තියෙන සමාජ වලයි. ඒ ව‍ගේ රටවල මිනිස්සු තමන් බැඳණු පක්ෂයක ජීවිත කාලයක්ම ඉන්නව. ලංකාවෙත් ටික කාලෙකට ඉස්සර වෙලා ශ්‍රීලනිප එජාප ලසසප කොප කියල මිනිස්සු තමන් ‍තෝර ගත්ත පක්ස එක්ක දිගටම හිටිය. හැබැයි දේශපාලන පක්ෂ වලට ප්‍රතිපත්ති පදනමක් නැතුව ගියාම දිගටම එක පක්ෂයක ඇළිල ඉන්න එක වැඩක් නැහැ කියල හිතන්න මිනිස්සු පටන් ගත්ත.

 

තමන් පක්ෂෙකට බැඳෙන්නේ මොකටද කියල බැ‍ඳෙන අය දන්නේ නැහැ කියන්නේ කොහොමද, ඒ අය එන්නේ ප්‍රතිරූපෙ හදාගන්න නම්? ඔවුන් එන්නේ මොකටද කියල පක්ෂ නායකයන්ට ගානක් නැහැ මොකද ඔවුන්ටත් අවශ්‍ය අනික් පුද්ගලයා තමන්ගේ අරමුණට යොදා ගන්න පමණක් නිසා.

 

තරුණයො දේශපාලනයට ඇදිල එන්නේ තමන්ගේ අනන්‍යතාව හදාගන්න තමන්ට වඩාත්ම ආකර්ෂණය වන මාතෘකා හරහා. ඒක ලිංගිකත්වය නම් එ වගේ අය ඒකට ගැළපෙන සංවිධානයකට ඇදිල යනවා. ඊට වෙනස්ව සමාජ ආර්ථික කරුනු උඩ නම් ගැළපෙන ඒවට ඇදිල යනවා. තමන් බැ‍ඳෙන සංවිධානය තමන්ට කල් පවතින අනන්‍යාතාවක් ලබා දෙන්න අසමත් නම්, ඒකේ නායකයො තමන් දේශනා කරන දේ – සමානාත්මතාව, සමාජ සාධාරණය, යුක්තිය, ස්ත්‍රී-පුරුෂ- අන්‍ය ලිංගික සමානතාව වැනි කියන දේ අනුව ක්‍රියා නොකරන අය නම් සාමාජිකයො කළ කිරිල ඒ සංවිධාන අත හැරල යනව.

 

නමුත් පූසාරි කියන දේ බලන්න –

 

“ මෙන්න මේ හේතුව නිසා පක්ෂය සහ පක්ෂ නායකයා අතර වසඟකාරි සම්බන්ධයක් ගොඩනැගෙනවා. “

 

මොකක්ද මේ පූසාරි කියන වසඟකාරී සම්බන්ධය? ඒක අවශ්‍ය වෙන්නේ සාමාජිකයාත් නායකයාත් දෙදෙනාම දන්නේ නැතිනිසා නම් සාමාජිකයා පක්ෂයට බැ‍ඳෙන්නේ කියලා වසඟකාරී සම්බන්ධයෙන් විසඳන්න හදන ප්‍රශ්නය මොකක්ද?

 

ඒව ගැන පූසාරි කිසිම පැහැදිළි කිරීමක් කරන්නෙ නැහැ. පූසාරි මෙහෙම කියනවා –

 

“ පුද්ගලයො පක්ෂයකට බැඳෙන්න විවිධ හේතු බලපානවා. මේක සංකේතීය බලපාන අවස්ථාව වගේ ම තමන්ගෙ පුද්ගලික අරමුණු ඉටුකරගන්න, පක්ෂය හරහා මුදල් කීයක් හරි සොයාගන්න ආදි කාරණා. අපි උදාහරණයක් විදියට එක්සත් ජාතික පක්ෂය ගත්තොත් එහි තිබෙන්නෙ වෙළෙඳ ගනුදෙනු පමණයි.”

 

එක්සත් ජාතික පක්ෂයේ තියෙන්නේ වෙ‍ළෙඳ ගණුදෙනු පමනක් නම් ඒ පක්ෂයට මෙතෙක් කල් පවතින්න පුළුවන්ද? ඇතිවෙලා නැතිවෙලා යන්නේ එහෙම නැත්නම් බෝඩ් ලෑලි වල‍ට දෙතුන් දෙනෙකුට සීමා වෙලා පවතින පක්ෂ එහෙම වෙන්නේ ඒවා හුදෙක් වාණිජමය පදනමක් මත පවතින්න හදන නිසා වෙන්න ඇති.

 

පූසාරි ආයෙමත් මෙහෙම කියනවා –

 

“ මෙන්න මේ තත්ත්වය ඉක්මවා ගිහින් නව ලිබරල් වාදය ඇතුළෙ වඩාත් සවිස්තරව පවසනවා නම් ‘පශ්චාත් ධනේශ්වර මොහොත’ යනුවෙන් ජිජැක් හඳුන්වන පශ්චාත් දෘෂ්ටිමය මොහොතක දේශපාලන පක්ෂයක කාර්යභාරය කුමක් ද යන්න පළමුවෙන් වටහා ගනිමු.

 

නව ලිබරල් වාදය යටතේ පක්ෂය එහෙමත් නැත්නම් පක්ෂයක ව්‍යුහය ක්‍රම දෙකකට ක්‍රියාත්මක වෙනවා. පක්ෂය රට කළමනාකරණය කරන ශෛලිය එකක්. අනෙක් කාරණය වෙන්නෙ නායකත්ව ගති ලක්ෂණය. “

 

මෙහෙම කිව්වට පූසාරි පැහැදිළි කරන්නේ නැහැ මේ වෙනස් ක්‍රම දෙක මොනවද කියල.

 

“ එක්සත් ජාතික පක්ෂය මූලිකත්වය සපයන්නෙ ආර්ථික කළමනාකාරිත්වයට. ඔවුන් මේ දක්වා ම ඉදිරියට රැගෙන ආවෙ ඒ සංකල්පය. ඒ නිසා තමයි රවි කරුණානායක, හර්ෂ ද සිල්වා ආදි අය ටයි කෝට් ඇඳගෙන ඇවිත් කියන්නෙ ‘අපිට පුළුවන් මහින්ද රාජපක්ෂට වඩා හොදට ආර්ථිකය කළමනාකරණය කරන්න’ කියල. නමුත් අපි මතක තබාගත යුතු දේ මොකක් ද? මේ දෙගොල්ලම ක්‍රියාත්මක කරන්නෙ ධනවාදය කියන කාරණය. “

 

පූසාරි ගෙ මේ අදහස හරිද? දෙගොල්ලම ධනවාදය ක්‍රියාත්මක කළත් ක්‍රියාත්මක කරන විධිය එකමද? කියල පූසාරි කියන්නෙ නැහැ. මහින්ද රාජපක්ෂ යටතේට වඩා ආර්ථිකය කළමනාකරණය කරන්න යූඇන්පීය අපේක්ෂා කරනව. වංචා දූෂණ අඩු කරලා අවම කරලා. ඒකනේ ඔවුන් කියන්නේ තමන් කරන්නේ යහපාලනය කියල. ලෝකයේ හැම තැනකම ආර්ථිකය කළමනාකරණය කරන විදිය එකම ද? පූසාරි ආර්ථිකය යි ධනවාදයයි කියන වචන දෙක සමාන අර්ථයකින් පාවිච්චි කරාට ඒ දෙකම එකද?

 

 

පූසාරි මෙහෙම කියනව –

“ ධනවාදය කියන්නෙ එහෙම කාටවත් වුවමනා විදියට කළමනාකරණය කරන්න පුළුවන් දෙයක් නොවයි. මේ ක්‍රමය ක්‍රියාත්මක වෙන්නෙ එයට ම ආවේණික වුණු තර්කයක් තුළ. ඒ තර්කයට පරිබාහිරව ධනවාදය හසුරුවන්න කිසිවකුට බැහැ. ධනවාදය ක්‍රියාත්මක වෙන්නෙ ම මුල්‍ය ප්‍රාග්ධනය අශ්ලීල ආකාරයට ක්‍රියාත්මක වෙන ලාබ සමුච්ඡනය පමණක් ඉලක්ක කර ගත් ව්‍යුහයක් තුළ. මේ ක්‍රමය හැර ධනවාදය ක්‍රියාත්මක වෙන වෙනත් ක්‍රමයක් නැහැ.”

 

පූසාරි කියන දේ ඇත්තද? ධනවාදය ක්‍රියාත්මක වෙන්නේ ආයතන පද්ධතියක් හරහා. ධනවාදය කළමනාකරණය කරන්න පුළුවන්ද කියන එක තීරණය වෙන්නේ රටකට බාහිරින් එල්ල වන ආර්ථික බලපෑම් වලට මුහුණ දෙමින් රට ඇතුළේ අභ්‍යන්තර බලවේග සම්පත් සංවිධානය කරන්නේ කොහොමද කියන එක උඩ.

 

බලන්න පූසාරි කියන දේ –

 

“ මේ ගැන ජිජැක් නිවැරදිව සහ ඉතා පැහැදිලිව ම ප්‍රකාශ කරනවා. ඔහු පවසන්නෙ: ‘තුන්වන ලෝකය හෙවත් අපි ජිවත්වන, දියුණු වන ලෝකය තුළ ධනවාදය විදාරණය කර තිබෙන අසමානතාව අති දැවැන්ත යි. මේ අසමානතාව සදහා කිසිඳු විසදුමක් ධනවාදය තුළ නැත’ කියලා. “

 

ජිජැක් මේ විදියට තුන්වෙනි ලෝකය ගැන ඇත්තටම කියල තියෙනවද? ඒ කියන්නේ පළමු වැනි සහ දෙවැනි ලෝක ගැන යල්පැන ගිය සංකල්ප ජිජැක් පිළිගන්නවද? මේ රටවල අසමානතාව අති දැවැන්ත නම් ඊට එරෙහිව ඒ රටවල ජනතාව කැරලි ගසන්න් නැත්තේ ඇයි? ධනවාදයට ඒවාට විසඳුමක් නැත්නම් ධනවාදයට පැවැත්මක් නැහැ නේද?

 

පූසාරි කියන්නෙ මොකක්ද වැඩි දුර මේ ගැන –

 

“ ඒ නිසා මොකද වෙන්නෙ? අපි හැමෝම ප්‍රචණ්ඩත්වය හරහා ධනවාදයට ප්‍රතිචාර දක්වනවා. ජනතා විමුක්ති පෙරමුණ, එල්. ටී. ටී. ඊ. සංවිධානය පමණක් නොවෙයි ලතින් ඇමරිකානු රටවල්වල විප්ලවිය සංවිධාන ඒ හැරුනාම මුලධර්මවාදය, ඉස්ලාම් අන්තවාදය යනාදි මේ සියල්ල ම මේ සමස්තයේ කොටස්. “

 

පූසාරි ගේ මේ මතය පිළිගන්න පුළුවන්ද?

 

පූසාරි කියන මේ ඔක්කොම ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් හුදෙක් ධනවාදය තුන් වෙනි ලෝකයේ ඇති කර තිබෙන දැවැන්ත අසමානතා නිසා ඇති වූ ඒවා බව කීම යාන්ත්‍රික අදහසක්. දේශපාලන මතවාදය ප්‍රචන්ඩ දේශපාලනයේ විශාල තීරණාත්මක වැඩ ‍ කොටසක් ඉටු කරනවා. ජනවාර්ගිකත්වය, ජාතිකවාදය, ආගම්වාදය මේ සියල්ල ආර්ථිකය විසින් නිශ්චය කරනනේ නැහැ. අනෙක මේ අදහස අමතක කරන දේ තමයි ග්‍රාම්ෂ්චි මතු කරපු කාරණය මතවාදයට ආර්ථිකයෙන් ස්වාධීන පැවැත්මක් තිබිය හැකි බව. අනෙක් කාරණය තමයි දියුණු ධනවාදී රටවල මෙබඳු ප්‍රචණ්ඩ දේශපාලන සංසිද්ධීන් ඇති නොවෙන්නේ ඇයි කියල මේ අදහසින් පැහැදිළි කෙරෙන්නේ නැති කම. ඒ කියන්නේ ධනවාදය දියුණු ධනපති රටවල අසමානතාව පිළිබඳ ගැටළුව විසඳලා කියන එක ද?

 

පූසාරි මෙහෙම කියනවා –

 

“ ජිජැක් කියනවා ‘මූලධර්මවාදය කියන්නෙ නෂ්ටාවශේෂ වගේ දෙයක් නොවෙයි. දයලෙක්තිකව සලකා බැලුවා ම ඒ ධනවාදයට මුහුණ දෙන එක ක්‍රමයක්’ කියල. “

නමුත්පූසාරිගේ මේ අදහස හරිද? මූලධර්මවාදයට තුඩු දෙන ආගමික ජනවාර්ගික ජාතික වැනි මතවාද නෂ්ඨාවශේෂ කියල කියන්න පුළුවන් වෙන්නේ ඒව ධනවාදයේ වර්ධනයත් එක්ක නවීකරණයත් එක්ක නැතිව යනවා කියල පිළිගත්තොත් පමණයි. ඒව ධනවාදයට මුහුණ දෙන එක ක්‍රමයක් කියන කොටම ඒකෙන් කියවෙන‍්නේ ධනවාදය ඇති කරන ආර්ථික අසමානතාව ට වඩා වැදගත් ධනවාදයෙන් මුදාහරිණ මතවාදයෙන් අභියෝගයට ලක් වෙන ආර්ථික නොවන මතවාදීමය දෙයින් මතු කෙරෙන ප්‍රතිරෝධය ගැන කාරණයයි.

 

පූසාරි මේ කොටසේ අන්තිමට කියන්නේ මේකයි –

 

“ ලංකාවෙ එල්. ටී. ටී. ඊ. සංවිධානයට ඒ තරම් දැවැන්ත ප්‍රචණ්ඩත්වයක් දියත් කරන්න සිද්ධ වුනේ ඒ නිසා. “

 

නමුත් අපි දන්නව එල්ටීටීඊ ය කියන්නේ ජනවාර්ගික සහ ජාතික මතවාදයකින් පෙවුණු සංවිධානයක් මිසක දැවැන්ත ආර්ථික අසමානතාවක් උඩ ගොඩ නැගුණු සංවිධානයක් නෙවෙයි.

 

පූසාරි ගේ මේ අදහස් ඇත්තද?

 

“ මේ ගැන අනුර කුමාරල නිවැරැදි උත්තරයක් දුන්නෙ නැතුවුණාට ඔවුන්ටත් සිද්ධ වෙන්නෙ දැවැන්ත ප්‍රචණ්ඩත්වයක් එක්ක වැඩකරන්න. මොකද ධනවාදය ක්‍රියාත්මක වෙන්නෙ යහපත් ආකාරයෙන් නොවෙයි. ඒ නිසා යම් පක්ෂයක් ධනවාදයට ප්‍රතිචාර දක්වනවා නම් දක්වන්න වෙන්නෙ ඒ ආකාරයට ම පමණයි.”

 

ජවිපෙ දැන් ප්‍රචණ්ඩත්වයේ මාවතින් ඉවත් වෙලා හොඳටම ධනේශ්වර දේශපාලන මාවතට තල්ලු වෙලා. ධනවාදයේ ප්‍රචණ්ඩත්වය දැඩි නම් ජනතාව කැරලි ගසාවි, ජනතා නැගිටීමක් විප්ලවයක් ඇති වේවි. නමුත් එහෙම දැවැන්ත ආර්ථික අසමානතාවක් නැති තැන ප්‍රචණ්ඩ මාවතක් ගන්නා දේශපාලන සංවිධාන තමනුත් විනාශ වෙලා සමාජයත් විනාශ කරනවා.

පූසාරිගේ සහ ගෝලයාගේ දේශපාලනය ඒ ව‍ගේ එකක් ද?

|මතු සම්බන්ධයි
සාකච්ඡා සටහන ජයසිරි අලවත්ත

Advertisements

නායකයා විවේචනය කිරීම විනෝදය දක්වා තහවුරු කිරීම- ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යයන 03 ට ප්‍රතිචාරයක්

Posted on

ftr-600x320

අප විද්වතා සහ ලේඛකයා මේ සැරේ “සාකච්ඡාව” පටන් අරන් තියෙන්නේ මෙහෙමයි –

“ අපි පසුගිය සතියේ සාකච්ඡාව අවසාන කළේ… ‘‘ඇත්තට ම මේ මොහොතෙ කවුරුන් හෝ සමාජවාදය ගැන කතාකරනවා නම් ඔහු උම්මත්තකයෙක්.’’ යන ප්‍රකාශයෙනි. අද එතැන් සිට කියවමු.

ඒ සඳහා උදාහරණයක් දෙන්න පුළුවන්ද?
ඔව්. මම ඒකට සරල උදාහරණයක් දෙන්නම්.
මේ මෑතක මහාචාර්ය ඩෙස්මන් මල්ලිකාරච්චි දේශනයකදි පවසා තිබෙනවා ‘දැන් අපිට විප්ලවය කරන්න පුළුවන්’ කියල. ‍”

දැන් අපි විද්වතාගේ අදහස් ගැන කතා කරමු. මහාචාර්ය ඩෙස්මන් මල්ලිකාරච්චි ගේ තර්කය ඒ කියපු දේවල සන්දර්භයේ තියල විමසීමක් නැහැ. බලන්න විද්වතා ගෙ විග්‍රහය කොයි තරම් අති සරලද කියල. එක අතකින් ඔහු කියනව

“ ලංකාවෙ ශිෂ්‍ය සංගම් එයාට ආරාධනා කරනවා ‘සර් එන්න; ඇවිත් දේශනයක් පවත්වන්න’ කියල. ඔන්න එතකොට එයාට මාර රැඩිකල් හැඟීමක් එනවා. මොකද එයා කතාව පවත්වන්නෙ හෙට වුනත් විප්ලවට සුදානම් වෙලා ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවො තුන්හාරදාහක් ඉස්සරහනෙ. එකතොට එයා හිතනවා..‘ෂහ් මාරයිනෙ! මෙහෙම මිනිස්සු එකතුවෙනව නම් මොකද විප්ලවය කරන්න බැරි’ කියල.”

දැන් විද්වතා මේ කියන්නෙ නිකම්ම හිතලු නේද? ඔහු හිතනව මහා‍චාර්යතුමා මෙහෙම හිතන්න ඇති කියල. ඒ කියන්නෙ ඔහු මහාචාර්ය වරයා වෙනුවෙන් කතා කරනව. මේවටද ජිජැකියානු  විග්‍රහ කියන්නෙ?

එක අතකින් “ එයා කතාව පවත්වන්නෙ හෙට වුනත් විප්ලවට සුදානම් වෙලා ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවො තුන්හාරදාහක් ඉස්සරහනෙ” කියන මේ විද්වතා අනික් අතට කියනව මෙහෙම

“ නමුත් ඔබ දන්නවනෙ ශිෂ්‍යයො  කියන්නෙ කවුද කියල. ශිෂ්‍යයන්ට වුවමනා සමාජවාදයක් නැහැ. ඔවුන් අදාළ අවස්ථාවෙ ඉදිරිපත්වුණා, මොනව හරි ඉල්ලීම් ටිකක් දිනාගත්තා නැතා ඊළඟ මොහොතෙ ඉන්නෙ වෙනත් ආස්ථානයක ඊට පස්සෙ ඔවුන්ට අවශ්‍යය සමාජවාදයක් නැහැ. කවුරුහරි මේ මොහොතෙ එබඳු සමාජවාදයක් ගැන කතාකරනවා නම්, ඒක ප්‍රහසනයක්. (Comedy) එකක්. කියල මම කියන්නේ අන්න ඒ නිසා. “

දැන් මෙතන විද්වතා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ගැන කියන ප්‍රතිවිරුද්ධ කාරණා දෙකෙන් හරි මොකක්ද? එයා කියන්න ඉඩ තියෙනව පළවෙනි අදහස මහාචාර්යවරයා හිතන විදිය කියල.  එහෙම බාර ගත්තත්, එකක්,  අපි දන්නෙ නැහැ මහාචාර්යවරයා ඇත්තටම එහෙම හිතුවා කියල. අනෙක මේ විද්වතා කියන්නේ මහාචාර්ය ඩෙස්මන්ඩ් පට්ට මෝඩයෙක් කියල නේද?  එතකොට මහාචාර්ය ඩෙස්මන්ඩ් ට නිතරම මහා ප්‍රසිද්ධියක් දීපු එක්ස් කණ්ඩායමත් පට්ට මෝඩයො කියල කියනව වගේ නේද?

තව එකක් තමයි ශිෂ්‍යයන්ට උවමනා සමාජවාදයක් නැහැ කියන විශ්ව ප්‍රකාශය. කොහොමද එහෙම කියන්නෙ? සමාජවාදය කියල මේ විද්වතා කියන්නේ මොකක් කියලා හිතාගෙනද? ශිෂ්‍යයන්ට බැරිද ලෝකය යහපත් කරන අරගල වලට සහභාගි වෙන්න? පැරිසිය මුල් කර ගෙන ඇති වුණු 1968 ශිෂ්‍ය අරගලය ගැන අහල නැද්ද මේ අය? ඒක ලෝකය සෙළවූ ශිෂ්‍ය අරගලයක් නේද? බලන්න,

https://en.wikipedia.org/wiki/Protests_of_1968

 

ලෝකයේ වෙනත් රටවලත් ශිෂ්‍යයෝ වැදගත් දේශපාලන ව්‍යාපාර වල කොටස් කාරයෝ වෙලා තියෙනව. අවුරුද්දකකට විතර උඩදී කැනඩාවෙ ක්විබෙක් වල ශිෂ්‍යයෝ ආණ්ඩු වෙනස් කරපු ශිෂ්‍ය අරගලයක් කළා මතකද?

https://en.wikipedia.org/wiki/2012_Quebec_student_protests

 

එතකොට කොහොමද මේ විද්වතා කියන්නේ “ කවුරුහරි මේ මොහොතෙ එබඳු සමාජවාදයක් ගැන කතාකරනවා නම්, ඒක ප්‍රහසනයක්. (Comedy) එකක්”  කියල?

 

මොකක්ද  මේ මොහොත? විශ්වය, ඉතිහාසය සියල්ලම සමාජවාදයට විරුද්ධ මොහොතද? මොකක්ද මොහු සමාජවාදය කියල අදහස් කරන්නේ? මෙතන මම කියන්නේ කවුද? ලංකාවෙ ජිජැක් ද? මේව නිකම්ම නිකම් ජිජැක් ගෙ අදහස් දිරවා ගන්න බැරුව කරන අනුකාරක ප්‍රකාශ නෙවෙයිද?

 

මේ බලන්න, මේ ප්‍රකාශයේ තේරුම මොකක්ද? :
විද්වතා කියනව මෙහෙම  – “ මේ මොහොතෙ කවුරුහරි සමාජවාදය ගැන කතාකරනව නම් ඒ කතාකරන්නෙ අදාළ සංකල්පය වාණිජ භාණ්ඩයක් විදියට සලකලා. මේ මොහොතෙ වැදගත් වෙන්නෙ එය නොවෙයි. “

ඒ කියන්නේ මේ මොහොතේ සමාජවාදය ගැන අවංකව කෙනෙකුට කතා කරන්න බැරිද? ඒ ඇයි? බෑ කියන එකට විග්‍රහයක් දෙන්න ඕන නේද?මෙතන එහෙම එකක් තියනවද?

 

දැන් ඔහු ඊළඟට රැඩිකල් වැඩේ මොකක්ද කියල දේශනා කරනව. බලන්න. “මේ මොහොතේ ධනවාදය විසින් පතුරවා ඇති දෘෂ්ටිවාදය අභියෝගයට ලක් කරමින්, ඇත්ත ප්‍රාග්ධනය වැඩ කරන්නෙ කොහොමද කියන කාරණය වටහා ගැනීමයි රැඩිකල් වැඩේ වෙන්නෙ.”

දැන් මේ තව අලුත් අදහසක්. ඒ කියන්නේ සමාජවාදය ගැන කතා කිරීම රැඩිකල් නැති නිසාද ඒක කොමෙඩියක් වෙන්නෙ? මේකද විග්‍රහය. රැඩිකල් ඒව විතරද මිනිසාට වටින්නෙ? රැඩිකල් කියල විද්වතා අදහස් කරන්නෙ මොකක්ද? සමාජය උඩු යටිකුරු කරන මුලින්ම ගලවල වෙනස් කරන ඒවද? එතකොට සමාජයෙ පැවත එන සාමුහිකත්වය රකින සමාජවාදී භාවිතාවන් රැක ගෙන  වර්ධනය කරන එක වටින්නෙ නැද්ද? විද්වතා කියන විදියට ඇත්ත ප්‍රාග්ධනය වැඩ කරන විදිය ( ඒ කියන්නේ බොරු ප්‍රාග්ධනය ? වැඩ කරන විදියකුත් තියෙනව?)

 

දැන් මොකක්ද මේ විද්වතා කියන “මේ මොහොතේ ධනවාදය විසින් පතුරවා ඇති දෘෂ්ටිවාදය” ? “ ඇත්ත ප්‍රාග්ධනය වැඩ කරන්නෙ කොහොමද?” මේ එකක්වත් ඔහු පාඨකයාට පැහැදිළි කරනවද? ඒ මොකුත් නැහැ. ආයෙම වෙන කාරනාවකට යනව. ඉගැන්වීමේ ක්‍රමයක් වශ‍යෙන් මේක අදහන්න වටිනව.

 

නමුත් ඇත්තටම මේකේ රහසක් තියෙනව. ඒ තමයි මේ ක්‍රමය පාවිච්චි කරන එක පාඨකයා සංවිධානය ඇතුළට ඇද ගන්න උපක්‍රමයක් කියන එක. අපි එහෙමවත් හිතමු නේද?

 

දැන් මේව පිටපත් කරන ලේඛකයාට මේ අපිට තියෙන ප්‍රශ්නෙ නැහැ වගෙයි නේද? ප්‍රශ්න අහනවා. උත්තර දෙනවා. ඒවා ලියනවා. අහපු ප්‍රශ්නෙට උත්තර ලැබුනත් නැතත් කමක් නැහැ. ඉදිරියට යනව. හරියට BBC Hard Talk වගේ කියල හිකනව ඇති නේද?මේව ලියන ලේඛකයට මේව ගැන දොස් කියල වැඩක් නැහැ නේද? ඔහු කරන්නෙ හුදෙක්ම ලියන එක පමණක් වන නිසා. නැත්නම් මේ විද්වතාට පුළුවන් නේ තමන්ගේ කටින් පිටවෙන මේ රන්වැකි ආයෙ කියවලා බලන්න පළ කරන්න ඉස්සර වෙලා මේව කියවන උන්ට තේරෙන විදියට තියෙනවද කියල. ( මේක හරියට අර walk the talk රූපවාහිනී වැඩ සටහනක් වගේ තමයි අපිට ඉදිරිපත් කරන්නේ. එකම දේ මේ කතා කරන්නේ නයා-ය වෙන එකයි.)

 

 

බලන්න දැන් මේ ලේඛකයා මේ අදහස් එන්නේ තමාට ‍නෙවෙයි වගේ, එමෙ නැත්නම් විද්වතාගේ කටින් වචනෙ පිටවෙන කොටම  තමන්ට ඒ පිටිපස්සේ තියන නමුත් විද්වතා නොකියන සියලුම දේ වැටහුනා වගේ අලුත්ම බරපතල ප්‍රශ්නයක් අහනවා.

“විප්ලවවාදි පක්ෂය කියන සුන්දර දේ ම එක් පැත්තකින් පරමත්වයක් බවට පත්වෙනවා. මේ ක්‍රියාවලිය පවතින ක්‍රමයට ම ආයාත කිරීමක් නේදඒ වගේ ම එය බරපතල දේශපාලන අනතුරක් වෙන්න පුළුවන් නේද?

දැන් මේ ප්‍රශ්නය තෙ‍්රෙනවාද? විශේෂයෙන්ම මෙහි දෙවෙනි වාක්‍යය? මොකක්ද ඒකේ තේරුම? “ මේ ක්‍රියාවලිය පවතින ක්‍රමයට ම ආයාත කිරීමක් නේද“ තේරෙනවද? 

 

හැබැයි විද්වතාට නම් තෙ‍්රෙනව. ඔහුගේ උත්තරයත් ඒ වගේම ලේඛකයාට තේරෙනව. බලන්න –

විද්වතා කියනව –ඔබේ ප්‍රශ්නය පැහැදිලියි. මෙතන පවතින්නෙ මහා අනෙකාට ඇති බිය යි. වඩාත් පැහැදිලිව කියනවා නම් ඕනෑම සමාජ හිතවාදී දෘෂ්ටියක් අවසාන වශයෙන් සර්වාධිකාරි විභවයක් සහිත යි. විප්ලවවාදි පක්ෂය කියන දේ ම එක් පාර්ශවයකින් පරමත්වයක්. තවත් පැහැදිලිව කියනවා නම්, උත්කෘෂ්ටයට (Sublimation) නැංවෙනවා. ඒක එහි ස්වභාවය.”

 

“ මහා අනෙකාට ඇති බිය” – මේ කියන්නේ අර මීට පෙර ලිපියක කියපු සංකේත පර්යාය –  නීතිය ගැනද? ඇයි මිනිස්සු සංකේත පර්යායට බය වෙන්නෙ? ඒක නේද මිනිස්සුන්ට මේ ලෝකයෙ පවතින්න අවශ්‍ය රාමුව  සපයා දෙන්නෙ? මහා අනෙකාට ඇති බිය කියන එක විශ්වයේ සමස්ත මානව වර්ගයා නිර්ණය කරන පරම සත්‍යයක්ද? නැත්නම් තවත් එක් සංකල්පීකරණයක් පමණක්ද? “ඕනෑම සමාජ හිතවාදී දෘෂ්ටියක් අවසාන වශයෙන් සර්වාධිකාරි විභවයක් සහිත යි” කියන එකත් විශ්වීය සත්‍යයක් ද? ඇයි එහෙම වීම අවශ්‍ය වෙන්නෙ? ඒ කියන්නේ මානවයන්ට සර්වාධිකාරී වෙන්නෙ නැතිව එකට එකතු වෙලා සාමුහිකව හිතවාදී දෙයක් ගොඩ නගන්න බැරිද? වෙනත් විදියකට කියනවා නම් මානවයා ස්වභාවයෙන්ම සර්වාධිකාරය ගොඩ නැංවීමේ විභවය ඇත්තෙක්ද? එහෙම මානව ස්වභාවයක් තියෙනවද? “කලු”  මානව ස්වභාවයක් ගැන අදහසමත් තවත් එක් සංකල්පීකරණයක් නෙවෙයිද?

 

විද්වතා ආයෙම කියනවා –

“ විප්ලවවාදි පක්ෂය කියන දේ ම එක් පාර්ශවයකින් පරමත්වයක්. තවත් පැහැදිලිව කියනවා නම්, උත්කෘෂ්ටයට (Sublimation) නැංවෙනවා. ඒක එහි ස්වභාවය.”

එතකොට මේ අනුව විප්ලවවාදී පක්ෂයකටත් “ස්වභාවයක්” තියෙනව. විකාර අදහසක්. විප්ලවවාදී පක්ෂය හදන්නේ මිනිස්සු. ඒක පරමත්වයට නැංවීම කරන්නේ මිනිස්සු. ඒක ඉබේට වෙන දෙයක් නෙවෙයි. අවශ්‍ය වෙන්නේ මිනිස්සු ඒක පරමත්වයට නංවන්නේ ඇයි? කියන එක පැහැදිළි කරන්න. හැම විප්ලවවාදී සංවිධානයකම පක්ෂයකම අවසානය එය පරමත්වයට නැංවීම කියල කියන්න පුළුවන්ද?

 

විද්වතා මෙහෙම කියනව –

“ ඉන් අදහස් කරන්නෙ: ඕනෑම පක්ෂයක් තමන් උත්කර්ෂයට නංවන වස්තුවක් තිබෙනවා. හෙගලියානු අර්ථයෙන් ගත්ත්තොත් එය ‘පරිපූර්ණ නිමේෂයක්’ කියල හඳුන්වන්න පුළුවන්. අපි හැමෝ ඒ ‘පරිපූර්ණ නිමේෂය’ අත්දකින්න කැමතියි. අපි ගමු ගෝලීය වශයෙන් පැතුරුණු කම්කරු ව්‍යාපාරය. එය පරමත්වයක්. මේක එක් පාර්ශවයකින් ගත්තම දේව වාදයක් වගේ. ඇතැම් විට එහි ආගමික ප්‍රවේශයක් තිබෙන්න පුළුවන්. එහි දී ගැටලුව වෙන්නෙ ඒ සම්බන්ධයෙන් අප තුළ පවතින යටත් වීමේ ප්‍රවණතාවය යි. එය විෂයමූලිකයි.”

මොකක්ද මේ කියන හෙගේලියානු පරිපූර්ණ නිමේෂය? ඇයි ඒක පාඨකයාට නිකමට වත් කියා දෙන්නේ නැත්තෙ? මේක හොඳ ඉගැන්විමේ ක්‍රමයක්ද?

මේ පරිපූර්ණ නිමේෂය කියන්නේ පරම නිමේෂය නැත්නම් absolute moment කියන එකටද කියල පැහැදිළි නැහැ.  හේගල් කතා කරන පරම නිමේෂය විචාරකයන් හඳුනා ගෙන තිබෙන්නේ   “the finitu‍de or particularization of the ego” කියලයි. ඒ ගැන මෙහෙම කියන්න පුළුවන්:

“ The stages (moments) of the Concept in Hegel’s triad are the universal, the particular, and the individual: universality develops, first into particularity, and then into individuality. The universal constitutes the essence of a thing; when a thing is fully developed (actual), the universal is concrete. Hegel denies that thought can refer to unique individuals: it is exclusively concerned with universals.”

http://www.london.ac.uk/fileadmin/documents/students/philosophy/ba_course_materials/ba_19thc_hegel_glossary_01.pdf

ගැටලුව තියෙන්නෙ විද්වතා ගුරු මුෂ්ටිය වගේ එකක්  තියෙනව කියල පෙන්නමින් ඒක හංගනව කියල පෙන්නනව. ඇත්තටම ඔහු මේ කතා කරන ඒව දන්නව නම් කරන්න තියෙන්‍නේ මූලාශ්‍ර දෙමින් මේව විග්‍රහ කරන එක නෙවෙයිද? හේගල් මේ දක්වන අර්ථයට අනුව නම් විද්වතා කතා කරන මේ කාරණයට ඔහු හේගල් ගේ ‘පරිපූර්ණ නිමේෂයක්’ ගැන කරන සඳහන සම්බන්ධ බවක් පෙන්නල නැහැ.

 

අනෙක් අතට ගෝලීය වශයෙන් පැතුරුණු කම්කරු ව්‍යාපාරය ගැන අදහස පරමත්වයක්, දේව වාදයක් වගේ වෙන්නේ පක්ෂයේ ස්වභාවය නිසා නෙවෙයි මාක්ස්වාදී දෘෂ්ටිවාදයේ ඇදහිල්ල නිසා.  මොකක්ද මේ “ යටත්වීමේ ප්‍රවණතාව “ විෂය මූලිකයි කියන එකේ තේරුම? කාටද තේරෙන්නෙ? බලමු දෙන උදාහරණෙන් තේරුම් කරයිද කියල.

 

මෙන්න විද්වතාගේ උදාහරණය- “ ප්‍රභාකරන් නමැති නායකයා ගමු. සාමාජිකයො තුළ ඔහුට තිබෙන ගෞරවය සහ විශ්වාසය හරහා එක්තරා මට්ටමකින් ඒ සාමාජික සාමාජිකාවො ඔහුට යටත් වෙනවා. එක් අතකට මෙය අවශ්‍යය යි. මේ ධනේශ්වර මොහොතේ දී මෙය අපි වටහාගත යුතු යි.”

මොකක්ද මේ “ මේ ධනේශ්වර මොහොතේ දී මෙය අපි වටහාගත යුතු යි” කියන එක විද්වතා පැහැදිලි කරන්නෙ නැහැ. දැන් මේ “යුතුයි” කියන විධානය හරියට අපි කිව්ව පමණින් බාර ගන්න ඕන වගෙයි නේද? ප්‍රභාකරන් විප්ලවවාදී පක්ෂයක නායකයෙක්ද? නැත්නම් ත්‍රස්තවාදී සංවිධානයක නායකයෙක්ද? ප්‍රභාකරන් නායකයෙක් වුනේ ඔහුට ප්‍රතිවිරුද්ධ මත දරන ඔහුව විවේචනය කරන අය සියලු දෙනා මරලා. ඉතින් මේ විද්වතා ගේ විප්ලවවාදී පක්ෂෙ නායකයා ගැන උදාහරණෙ ප්‍රභාකරන්.  මේව මේ රැඩිකල් බව පෙන්නන්න ඕන හින්ද කියන කතාද? ඒකේ කැමැත්තෙන් බැඳුණු සාමාජිකයො ඉන්නත් පුළුවන්. ඒක හරියට කල්ට් එකක සාමාජිකයො වගේ. ඒ වගේම ඒකෙ සාමාජිකයො විවිධ මට්ටමේ බලාත්කාරය නිසා ඒකට බැඳිලා හිටපු අය. වෙන කරන්න දෙයක් නැති අසරණ තමට ඒකට බැඳුණු අය. ත්‍රස්තවාදී සංවිධානයක නායකයාට එහි සාමාජිකයෝ යටත් වීම අවශ්‍යයි කියන්න පුළුවන් වෙන්නේ ඒ ත්‍රස්තවාදය අපි අගය කරනව නම් නේද? කල්ට් නැත්නම් ලබ්ධියක් ඇදහිල්ලක් ගැන විශ්වාසයක් තියෙන අයට තමයි මේ වගේ කතා කියන්න පුළුවන්. ජිජැක් නම් කල්ට් එකක සාමාජිකයෙක් වගේ පෙනෙන්නෙ නැහැ.

 

විද්වතාට අනුව – “ ඒක් පැත්තකින් පුද්ගල නිදහස කියන දේ උත්කර්ෂයට නංවලා තිබෙනවා. නමුත් මෙය සාර්ථක නැහැ. “

“ ඒක අසාර්ථක මොන පදනමින් ද කියල ඔහු කියන්නෙ නැහැ. ඔහු කියන නිසාම අපි ඒක පිළිගන්න ඕනද?

මේ බලන්න, ඔහු කියනව

“මොකද පක්ෂය තුළ ම තිබෙන සාරය තේරුම් ගන්න පුළුවන් එය තුළින්ම යි. එහෙම නැතිව බාහිර සොයා බැලීමකින් තේරුම් ගන්න බැහැ. ඒ නිසයි අපි එයට යටත් වෙන්නෙ.”

මේ ගැන අපි කල්පනා කළොත්, මේ කියන විදියට යමක් එය තුළින්ම තේරුම් ගන්න හදනව කියන්නේ එයට සමාජමය නොවන සාරයක් තියෙනව කියල විශ්වාස කිරීමයි. ඒ නිසා එයට යටත් වෙනවලු අපි.  දෙවියෙක් ගැන විශ්වාස කරනව වගේ. නමුත් අපි දන්නව පක්ෂයක් කියන්නේ සමාජ නිර්මිතයක්. ඇයි මේ අයට අවශ්‍ය වෙන්නේ සමාජයෙන් හදා ගත්තු දෙයකට  දේව ගතියක් දෙන්න. මාක්ස් හේගල් හරහා ‍ෆොයර්බාක් කියවලා ගත්තු පාඩම නේද මේ reification (ද්‍රව්‍යත්වකරනය, පුද්ගලත්වහරණය) කියන කාරණය. මිනිස්සු හදාගත් දේකට දේවත්වයක් ආරෝපණය කිරීම. එතකොට පක්ෂය කියන්නේ මාක්ස්වාදීන් දෙවියන් පිළිබඳ විශ්වාසය අතහරිනව කියන ගමන් ඒ හිස්තැනට පත් කරන අලුත් දෙවියාද?

 

විද්වතාට  අනුව පක්ෂයට සාරයක් තියෙනව. ඒ කියන්නෙ essence එකක්.  දැන් මෙයා මෙහෙම කියන්නේ ඩෙරී‍ඩාට පස්සෙ. ඒකට කමක් නැහැ, හැබැයි ඩෙරීඩා ගේ විග්‍රහය ප්‍රතික්ෂේප කරන්න පදනමක් පෙන්නලා දීලා. නමුත් එහෙම විග්‍රහයක් මොහු ඉදිරිපත් කරන්නෙ නැහැ. ඉතින් ඔහු කියන නිසා දේවභක්තියෙන් අපි පිළිගන්න ඕන.

 

බලන්න පහත උද්ධෘතය essence සහ appearance (දෘශ්‍යමානය) අතර ඩෙරීඩාගේ විග්‍රහය ගැන කෙරෙන සාකච්ඡාවක් සටහන් කරන. දෘශ්‍යමානයට වඩා සාරය අගය කිරීම ප්ලේටෝ ‍ගේ චින්තනයේ අංගයක්. මේ ලාංකේය ජිජැක් භක්තිකයන් ප්ලේටෝවාදීන් ද?

 

“ the opposition between appearance and essence. Nietzsche had also criticized this opposition but it is clearly central to phenomenological thinking as well. So, in Platonism, essence is more valuable than appearance. In deconstruction however, we reverse this, making appearance more valuable than essence. How? Here we could resort to empiricist arguments (in Hume for example) that show that all knowledge of what we call essence depends on the experience of what appears. But then, this argumentation would imply that essence and appearance are not related to one another as separate oppositional poles. The argumentation in other words would show us that essence can be reduced down to a variation of appearances (involving the roles of memory and anticipation). The reduction is a reduction to what we can call “immanence,” which carries the sense of “within” or “in.” So, we would say that what we used to call essence is found in appearance, essence is mixed intoappearance. Now, we can back track a bit in the history of Western metaphysics. On the basis of the reversal of the essence-appearance hierarchy and on the basis of the reduction to immanence, we can see that something like a decision (a perhaps impossible decision) must have been made at the beginning of the metaphysical tradition, a decision that instituted the hierarchy of essence-appearance and separated essence from appearance.“

http://plato.stanford.edu/entries/derrida/

 

විද්වතා මෙහෙම කියනව –

“අපිට දෙවියන් තේරුම් ගන්න නම් එයට ම අදාළ සංවාදයකට (Discourse) යන්න වෙනවනෙ. ඒ වගේ ම පක්ෂය තේරුම් ගන්න වෙන්නෙ පක්ෂයට ම අදාළ සංවාදයක් හරහා.”

 

මේ කියන විදියට පක්ෂය දෙවියො වගේ. ඒක විශ්වාසයක්. භක්තිකයන්ට දෙවොලක්. ලබ්ධියක්. කල්ට් එකක්. ඒකට පිටින් ගේන විවේචන අදාළ නැහැ.

 

විද්වතා මේ දේව ධර්මය ඉදිරියටම ගෙන යනවා මේ විදියට –“ මෙන්න මෙය තුළ පෙර කී පරිදි උත්කර්ෂයට නැංවෙන වස්තුව: එහෙම නැත්නම් ඒ පක්ෂයේ නායකයා, නායිකාව හෝ නායකයන්ට අපි ගෞරව කරන්න පෙලඹෙනවා. ඒ ගෞරවයත් සමග ම යටහත් බවක් දක්වනවා. එය නායකයා ප්‍රශ්න නොකිරීම දක්වා වර්ධනය වෙනවා. පක්ෂයක එයත් තිබිය යුතුයි. “

පක්ෂයේ නායකයා, ලෙනින්, ස්ටාලින්, මා ඕ – තමයි පක්ෂය ‍ ආගමක් කර ගැනීම නිසා උත්කර්ෂයට නැංවෙන වස්තුව. මේක ගෞරවයක් කියන්නෙ පුද්ගලයාගේ ක්‍රියාව පදනම් කර ගත් එකකට වඩා ආගමේ නායකයා විදියට සැළකීමෙන් වෙන දෙයක්. හැබැයි, බුදුන් වහන්සේ මිනිස්සුන්ගෙන් පිදුම් ලැබුවේ උන් වහන්සේගේ ක්‍රියා කලාපයෙන් දිවි පැවැත්මෙන් මතු වූ කරුණු නිසා මිසක ඔහු ආගමික නායකයෙක් වූ නිසා නෙවෙයි. පසු කාලෙක බුදුදහම ආගමක් බවට පත් වුනාම මේ තත්වය වෙනස් වෙනවා.

නායකයා ට යටහත් වීම,  ඔහු ප්‍රශ්න නොකිරීම,  කල්ට් වල ඇදහැලි වල ලක්ෂණයක්.

දැන් මේ විද්වතාට අනුව නායකයා ප්‍රශ්න  නොකිරීම පක්ෂයක තිබිය යුතු දෙයක්.

 

විද්වතාට අනුව පක්ෂයේ නායකයා ප්‍රශ්න කරන්න පුළුවන් එකම ක්‍රමය අභ්‍යන්තර විවේචනය ලු.

“ ඔව්… නායකයා ප්‍රශ්න කළ යුතු යි. ඒකට අපි කියන්නෙ ‘අභ්‍යන්තර විවේචනය කියලා.”

ඔහු කියන්නේ නැහැ මේක අයිති මාක්ස්වාදී පක්ෂ වලට විතරක් කියල. මේක සියලුම දේශපාලන පක්ෂවලට සංවිධාන වලට දේශපාලන නොවන සංවිධාන වල‍ටත් අදාළ විය යුතුයි නේද?

 

හරිනං අපි දැන් විද්වතාගේ නම මාරු කරන්න ඕන පූසාරි කියන පදයට. එතකොට ලේඛකයා කවුද? ආවතේව කාරය – ඒ කියන්නේ කපුරු කට්ටකුමංජල් අල්ලන්නා? පක්ෂය නමැති දෙවොල ඇතුළේ ඉන්නව නායක දෙවියෝ -තිරෙන් පිටුපස. එතකොට අභ්‍යන්තර විවේචනය කියන්නේ මොකක්ද පූසාරි හරහා දෙවියන්ට කන්නලවු, යාතිකා කියන එක. දැන් මේ පූසාරි මේ ලිපි ලියමින් ඔබට ආරාධනා කරන්නේ එන්න දෙවොලට කියා නේද?

 

මේ දේවාල න්‍යාය අයිති නූතනයට නම් නෙවෙයි වැඩ වසම් සමාජයට. මේ අයට අවශ්‍ය ලෝකය අතීතයට ආපසු ගෙන යන්න. ජිජැක් ඒ වගේ මෝඩයෙක් බව පේන්නේ නැහැ ඔහුගේ සමාජ ජීවිතය බැලුවත් පෞදගලික ජීවිතය බැලුවත්. ඔහු දේවවාදී පක්ෂයක හිරකරලා තියන්න පුළුවන් අනුකාරකවාදී මනසක් ඇති කෙනෙක් නෙවෙයි. ඔහුගේ අදහස් අපි පිළිගත්තත් නොගත්තත් ඔහු ස්වාධීනව හිතන පුද්ගලයෙක්.

 

දැන් මේ  පූසාරි  කියන විදියට  මේ කාරණේ මහින්ද රාජපක්ෂටත් අදාළයි.  රනිල්ටත් අදාළයිලු. බලන්නඔහු කියනවා මෙහෙම:

 

“ නමුත් ලංකාවෙ නොවෙන්නෙත් මේක. පවතින්නෙ ඇත්තට ම ප්‍රශ්න කිරීම නොවෙයි. ‘යර්ස් සර්, ඔව් සර්’ කියල ඔළුව නවල එළියට ගිහින් පට්ට යන්න බනිනවා. ඒ නිසා තමයි හුඟක් නායකයො විනාශ වුණේ. මහින්ද රාජපක්ෂ ඇතුළු බොහෝ නායකයො විනාශයට පත්වුණේ මෙන්න මේ කාරණාව නිසා. “  “ එක් අවධියකදි රනිල් වික්‍රමසිංහ විවේචනය කළ ආකාරය.” එළියෙදි “ නායකයාට කොන්දේසි විරහිත ගෞරවය”  සහ “ පක්ෂ අභ්‍යන්තරයේ නායකයා ප්‍රශ්න කිරීම.”

 

ඒ කියන්‍නේ,  පූසාරි කියන්නේ,  පක්ෂ සාමාජිකයන් මොන පක්ෂය වුනත් තමන්ගේ නායකයාව පක්ෂෙන් එළියේ විවේචනය කරන්න නරකයි කියල. ප්‍රශ්නෙ තියෙන්නේ යර්ස් සර් කියල ඇතුලෙදි ඔළුව නවල එළියට ගිහින් විවේචනය කරන්නේ තමන් දෙවියා බවට උත්කර්ෂණයට නංවල තියෙන නායකයව ඇතුළෙදි කොහොමත් විවේචනය කරන්න බැරි නිසා නේද?

 

“ උත්කර්ෂයට නැංවෙන වස්තුව” “ අපි ගෞරව කරන්න පෙලඹෙන” “ ඒ ගෞරවයත් සමග ම යටහත් බවක් දක්වන” නායකයා අභ්‍යන්තරව ප්‍රශ්න කරන්නේ කොහොමද? මෙතන මේ අදහස් දෙක අතර ගැටුමක් තියෙනවා. දේවත්වයට පත් කරපු පක්ෂයක දෙවියා බඳු නායකයා ප්‍රශ්න කරන්න ඉඩක් තියෙනවද ඇතුලේ? නැහැ.ඉතින් මෙතන තියෙන උභතෝකෝටිකය මේකයි. ඇතුළෙදි විවේචනය කරන්න පුළුවන් නම් මෙහෙම වෙන්නෙ නැහැ නෙ?

 

දැන් අපි කලින් කිව්ව කාරණේ ආයෙමත් අහන්න ඕන. මේ එළිපිට විවේචනය නොකිරීම අදාළ වෙන්නෙ පක්ෂ සාමාජිකයන්ට පමණයි. ඒක ඕන පක්ෂයකට අදාළයි. නමුත් පක්ෂ සංවිධාන නායකයන් ‍ නොවන අයට පක්ෂය සංවිධානය විවේචනය කරන්න පුළුවන් විය යුතුයි. ඒ කියන්නේ දේශපාලන පක්ෂ / සංවිධාන සාමාජිකයන් එහි නායකයා/යන් පක්ෂය/සංවිධානය පිටතදී විවේචනය නොකළ යුතුය යන අදහස. මේක පක්ෂයකට පමණක් නෙවෙයි ඕනම සංවිධානයකට අදාළ කාරණයක් වෙන්න ඕන නේද? හැබැයි ඇතුළෙදි විවේචනය කිරීමේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පක්ෂයේ සංවිධානයෙ නැත්නම් විවේචනය එලියට යනවා නේද?

 

 

 

“ ඇතැම් අය කියනවා දීප්ති විවේචනය කරන්න බැ කියල ” අහන ඊළඟ ප්‍රශ්නෙට පූසාරි ගෙ උත්තරේ මේකයි.

 

දීප්ති දෙවියා ගැන කතා කරමින් පූසාරි කියනව “ දීප්තිව විවේචනය කළ හැකියි” නමුත් ඔහු විවේචනය කළ යුත්තේ “සංකේතීයව නායකයා විනාශ නොකළ යුතු” විදියටයි කියල. මේ කියන්නේ දීප්ති ව ජෝක් කරන්න එපා, එයා‍ව සීරියස් අරන් විවේචනය කරන්න කියල. ගැ‍ටලුව තියෙන්නේ දීප්ති අනිත් ‍හැමෝම ජෝක් එකට ගත්තම අනිත් හැමෝම සංකේතීයව විනාශ කරළ එයා විතරක් සංකේතීයව වැජඹෙන්න හැදුවම අනිත් අය නිකං ඉඳීවිද කියන කාරනෙ ඇතුළෙයි. ඉතින් ඒ තත්වය තුළ මොන පරම්ත්වය ගෙනාවත් වැඩක් වෙන්නෙ නැහැ නේද?

 

පූසාරි මෙහෙම කියනව – “ පක්ෂ සාමාජික සාමාජිකාවො සියලු දෙනාම දන්නෙ නැහැනෙ නායකය කොහොම කෙනෙක් ද කියල. එහෙම දැනගන්න අවශයත් නැහැ.  නායකය එහෙම කියන්න අවශ්‍යයත් නැහැ.”

 

හරිනම් ප්‍රශ්නෙ ඇයි එහෙම අවශ්‍ය නොවෙන්නෙ කියල. නායකයට මොනවද පක්ෂෙ සාමාජිකයන්ගෙන් හංගන්න තියෙන්නෙ? ඇයි සාමාජිකයො දැන නොගත යුත්තෙ එයා කොහොම කෙනෙක්ද කියල? ඇත්ත දැන ගත්තොත් සංකේතීයව එයා විනාශ වෙයි කියලද? එහෙනං ඒ ව්‍යාජ නායකත්වයක් නේද? පූසාරි කියන්නෙ තිරය ඇරියොත්  බැතිමතුන් දකීවි කියල තිරෙන් පිටුපස තියෙන්නේ බොල් පිළිමයක් කියල.

 

දැන් පූසාරි මෙහෙම කියනවා – “ අපි මේකට ජිජැක්ගෙ ම උදාහරණයක් ගනිමු. මෙය හෙගලියානු සම්බන්ධයක්. ජිජැක් ජිවත්වෙන්නෙත් පවතින ක්‍රමය තුළ ම යි. හබමාස් ජිවත් වෙන්නෙත් පවතින ක්‍රමය තුළ ම යි. මොකද හැම තැනම පවතින්නෙ ධනවාදය. නමුත් ජිජැක් ඉන්නෙත් පවතින මඩගොහොරුවේම කියල අපි හිතනවා නම් එය වැරදියි. එහෙම නොවන්න කාරණාවක් තියෙනවා.”

 

දැන් පූසාරි කියන්නේ නැහැ මොකක්ද මේ හෙගේලියානු සම්බන්ධය කියල. නිකං ඔහේ කියනව. යාතිකා කියන ‍කොට ඔහේ මොනවා හරි දෙවිවරුන් ගේ නම් කියවනව වගේ. දැන් ධනවාදය යටතේ ජීවත් වන අයට පවතින ක්‍රමයෙන් සහමුලින්ම ගැළවිලා ඉන්න තැනක් නැහැ කියන එකත් හරියට දේව වාක්‍යයක් වගේ සත්‍යයක් නේද? එහෙම කියන ගමන් පූසාරි හදනව දැන් ජිජැක්වත් දෙවියෙක් කරන්න. ඒ මාර්ගයෙන් දීප්තිවත් දෙවියෙක් කරන්න හිතාගෙන වගෙයි.

 

පූසාරි කියනව මෙහෙම – ජිජැක් ට “ කම්කරු සංගමයකින්  දේශනයකට ආරාධනා කරනවා. නමුත් ඔහු එය මගහැර එදාම යුරෝපීය පශ්චාත් අධ්‍යන ආයතනයේ දේශනයක් සඳහා සහභාගි වෙනවා.” “ ඇමරිකානු ඇකඩමියාව නමැති තැනට ඔහු යනවා. නමුත් කම්කරු සංගමයේ තිබෙන දේශනයට යන්නෙ නැහැ. “

 

ඉස්සරවෙලාම මේ යුරෝපය සහ ඇමරිකාව එකට පටලවා ගැනීම ලිහා ගත්ත නම් හොඳයි නේද? කියන වෙලාවෙ මොලේ පොඩ්ඩක් පැටලුනා වුනත් ලියන කොට පළ කරන කොට එක වතාවක් නෙවෙයි දෙවතාවක්ම මේක ඒ විදියටම තියෙන්න අරින එක පාඨකයා ‍මෝඩයන්ට ගැනීමක්‍ නේද?

 

අනෙක, පූසාරි මේ ජිජැක්ව ධනවාදය ඇතුළේ ඉන්න ගමන් ඒකට අහු නොවී මඩෙන් ඉහළට එසවුණු නෙලුමක් කියල පෙන්නන්න කියන කතාව ගැන මූලාශ්‍රයක් දෙයිද කියල බලා ගෙන ඉඳිමු. එහෙම නැත්නම් අපිට පූසාරිගේ යාතිකාවට “එසේය ස්වාමීනී” කියනව ඇරෙන්න කරන්න දෙයක් නැතිවෙනව නේද?

 

|මතු සම්බන්ධයි
සාකච්ඡා සටහන – ජයසිරි අලවත්ත

 

 

‘ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යයනය’ ට ප්‍රතිචාරයක් 02 – ප්‍රපංචවේදී විසිනි

Posted on

0504-may-day-sri-lanka_standard_540x360

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 01 මෙතනින් කියවන්න

ලේඛකතුමා ගේ පළමු ප්‍රශ්නය

“ ඔබ සඳහන් කළා මනෝමූලිකතාවයෙන් බැහැර වූ විචාරයක් සමාජ ගතකළේ දීප්තිලා පමණක් බව. නමුත් මේ වන විට විවිධ පුද්ගලයන් සහ විවිධ කණ්ඩායම් සිත් ඇදගන්නා සුලු දේශපාලන විචාර කරමින් සිටිනවා …“

ලේඛකතුමා මෙයින් කියන දේ තමයි සිත් ඇදගන්නා සුලු දේශපාලන විචාර මනෝමූලිකතාවයෙන් බැහැර වූ විචාර බව. ලේඛක තුමා කියන්නේ නැහැ මේ සිත් ඇද ගන්නා විචාර මොනවාද කියල. නමුත් විද්වතා එයට දෙන “පිළිතුර“ ලේඛකතුමා මතුකරන කාරණය ආමන්ත්‍රණය නොකොට වෙන අදහසක් ඉදිරිපත් කරනවා. ඒක ප්‍රශ්නයකට පිළිතුරු දීමේ ජිජැකියානු ක්‍රමය වෙන්නැති. එහෙම නැත්නම් ඔහු එම ප්‍රශ්නයේ ඉදිරිපත් කරන අදහස නොවැදගත් කොට සළකනවා වගෙයි.

විද්වතා කියනව මෙහෙම -“ දේශපාලනයේ දීලංකාවෙ විචාරකයො බොහොමයක්, දේශපාලන විචාර ඇතුළු හැම විචාරයකදි ම කරන්නෙ තමන්ගෙ අදහස ප්‍රකාශ කිරීමක් (Opinion Writing) පමණයි. නමුත් වාස්තවික තත්ත්වයේ තිබෙන්නෙ මොකක්ද?“

මේ විද්වතා ට අනුව දේශපාලනයෙදි අදහස් පළකිරීමෙදි මත (doxa) පළකිරීම වැදගත් නැහැ. ඒ වෙනුවට ඔහුටවැදගත් “විචාරය.“ ඔහුට අනුව විචාරය වාස්තවික තත්වය විග්‍රහ කරනව. මේ අනුව මත වාස්තවික තත්වය එක්ක සම්බන්ධ නැහැ. නමුත් ජිජැකියානු විද්වතාට නොතේරෙන දේ තමයි මත කියන්නේ වාස්තවික තත්වයෙ ඉන්න එක එක්කෙනා ලෝකයේ තමන් ඒ පයගහන් ඉන්න තැන අනුව ලෝකය දකින හැටි ප්‍රකාශ කිරීමයි. ඒ වගේම තමයි ඕන විද්වත් විචාරයක් න්‍යායික දාර්ශනික විග්‍රහයක් දේශපාලන තලයේ මහජන තලයේ ප්‍රකාශ කළ සැණෙන් ඒක තවත් හුදු මතයක් පමණක් බවට පත්වෙනව කියන අදහස මේ විද්වතා දැන නොසිටීම. එහෙම නොවෙන්න ලෝකයේ හිටපු ඉන්න විචාරකයො – ජිජැක් ඇතුළුව – කරල තියෙන විචාර අනුව බැලුවම ලෝකය මේ වෙනකොට කොයි තරම් වෙනස් වෙලා තියෙන්න ඕනද?

ඉතින්, අපි දැන් බලමු මේ විද්වතා කරන මත දැක්වීමක් නොවන විචාරය දිහා. ඔහුට අනුව මොකක්ද මේ වාස්තවිකත්වය මත වලට අහු නොවෙන?

ඒ තමයි, “ අපිට අද හමුවෙලා තිබෙන්නෙ ප්‍රාග්ධනයේ ඇත්ත තර්කනය.මහින්ද විරෝධීන් සහ යහපාලනයට පක්ෂ විචාරකයො දිගින් දිගට ම කිව්වනෙ ‘දැන් හරි’ කියල. ඒ අයගෙ අදහස තිබුණෙ ‘මහින්ද එළවපුවම හරි’ වගේ අදහසක්නෙ. “

දැන් මේක මේ විද්වතාගෙ කියවීමක් මතයක් නෙවෙයිද? මහින්ද විරෝධීන් මහින්ද එළෙවුවේ ඊට පස්සේ ඔක්කොම හරි යයි කියල අදහසකින්ද? නැත්නං මහින්ද එළවීම අන් සියල්ලට වඩා වැදගත් කියල හිතපු නිසා නෙවෙයිද? ‘දැන් හරි‘ කියල කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද කියල පෙන්නන්න එහෙම කිවුව කියන එක විචාරකයෙක්ගෙන් එක අදහසක් වත් මේ විද්වතා උපුටා දක්වන්නෙ නැහැ. ඉතින් මේක තවත් එක් කියවීමක් මතයක් නෙවෙයිද? මැතිවරණෙකදී එක් එක් ඡන්දදායකයා කාට හරි ඡන්දේ දුන්නේ ඇයි කියන එක තේරුම් ගන්න ඒ ඡන්දදායකයාගෙ අදහස් හරි හැටි විමසලා බලන්න වෙනවා නේද? ඒක මේ විද්වතා කරන්නේ නැහැ.

ඔන්න ඒ පාර විද්වතා කියනව

“ ඒ අතින් බැලුවම දැවැන්ත දෘෂ්ටිවාදයක් ඉස්මතු වුණ බව පේන්න තිබෙනවා. ඒ, ‘යහපාලන දෘෂ්ටිවාදය’ නමුත් ඇත්ත තත්ත්වය කුමක් ද?“

කියල.

මොකක්ද මේ කියන ‘යහපාලන දෘෂ්ටවාදය‘ ? කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්නෙ? කවුද ඒක ක්‍රියාත්මක කරන්නෙ? කවුද ඒක පිළිගන්නෙ? මේ කිසි එකකට සාක්ෂි උදාහරණ දැක්වීමක් නැහැ. විද්වතාගෙ මතය පමණයි. මේකද විචාරය?

විද්වතා ආයෙම කියනවා

“ ඇත්ත තත්ත්වය නම් ප්‍රාග්ධනය ක්‍රියාත්මක වීම. ඒක නිරුවත්ව ම ක්‍රියාත්මක වෙනවා.“

කියල. ඒ පිළිබඳ විචාරය නොකර හැමෝම “ මනෝමූලික තත්ත්ව තුළ“ විචාරය කළහම “ ග්‍රාම්‍ය දේශපාලන තත්ත්ව බිහිවීම“ සිදුවෙනවලු.

අපිට අහන්නතියෙන්නේ මේකයි-

“ ප්‍රාග්ධනය නිරුවත්ව ම ක්‍රියාත්මක වෙනවා“ කියන එක මතයක් නොවී විචාරයක් වෙන්නෙ කොහොමද? මොකක්ද මේ “ ප්‍රාග්ධනය නිරුවත්ව ම ක්‍රියාත්මක වෙනවා“ කියන එක වාස්තවික යථාර්ථය කියන එකේ තේරුම? මහින්ද පරාජය වීම ලංකාවේ සමාජයේ කිසිම දේශපාලන වෙනසක් ඇති කරේම නැද්ද? ඒ වෙනස් කම් වාස්තවික යථාර්ථයට අයිති නැද්ද?

ඊළඟට ලේඛකයා අහනව “එය වැඩි දුරටත් විග්‍රහ කරන්න පුළුවන් ද?“ කියල. ඒපාර විද්වතා කියනව “ අපි පළමුවෙන් ම ‘ග්‍රාම්‍ය මතවාදය’ කුමක්ද කියල විශ්ලේෂණය කරගන්න වුවමනායි. “

දැන් “ ප්‍රාග්ධනය නිරුවත්ව ම ක්‍රියාත්මක වෙනවා“ එක පැහැදිළි කරන එක පැත්තක තියලා විද්වතා මාරු වෙනවා ‘ග්‍රාම්‍ය මතවාදය’ කියන එක අපිට විශ්ලේෂණය කරල දෙන්න. දැන් අපි මේක අර කලින් විද්වතා කිව්ව “ මනෝමූලික තත්ත්ව තුළ“ විචාරය කළහම “ ග්‍රාම්‍ය දේශපාලන තත්ත්ව බිහිවීම“ සිදුවෙනවලු“ කියන අදහසට සම්බන්ධ කරගන්නේ කොහොමද? මේ ග්‍රාම්‍ය මතවාදය කියන්නේ “ මනෝමූලික තත්ත්ව තුළ“ කරන විචාරය ද? ඒ කියන්නෙ හුදු මත ප්‍රකාශ කිරීම ද? ග්‍රාම්‍ය මතවාදය වෙනුවට විදග්ධ මතවාද ත් තියෙනවද? ඒ කියන්නෙ ‘ප්‍රාග්ධනය නිරුවත්ව ක්‍රියාත්මක වෙනව‘ වගේ අදහසක් ද, විදග්ධ මතවාදය කියන්නෙ? එහෙමත් නැත්නම් විචාරය ග්‍රාම්‍ය/විදග්ධ දෙආකාරයෙම මතවාද වලට වෙනස් විෂයමූලික දෙයක් ද? දෙයක් විෂය මූලික වෙන්නේ කොහොමද, මනෝමූලික වීමට ප්‍රතිපක්ෂව? සමහරු කියන කොට ‘ආණ්ඩු මාරු වුනාට කිසි දෙයක් වෙනස් වෙන්නේනැහැ‘ කියල ඒ වගේ මතයක් ප්‍රකාශ කරන්නේ ප්‍රාග්ධනය පිළිබඳ වාස්තවිකත්වය ද? ඒක විෂය මූලික යථාර්ථය ප්‍රකාශ කිරීමක් ද? නැත්නම් ඒක දේශපාලනයේ වාස්තවික යථාර්ථය විෂය මූලික යථාර්තය ප්‍රකාශ කිරීමක් ද? ඒකෙන් කියවෙන්නේ ධනේශ්වර දේශපාලනය හරයෙන් එකයි කියන ව්‍යවහාරික අවබෝධය ද? ඒක ඇතුලෙ මහින්ද සහ යහපාලන ආණ්ඩු අතර කිසියම් වෙනස් කමක් ඇත්තෙම නැද්ද?

ඉතින් ඊ ලඟට විද්වතා මෙහෙම කියනවා-

“ මොනවද ඒ මතවාද? පළමුවෙන්ම සොයන්න ඕන සත්‍යය වශයෙන් ම ‘වම, වම ද?’ කියන කාරණය.“

ඒ කියන්නෙ මෙතන ග්‍රාම්‍ය මතවාද ප්‍රකාශ කරන අය තමන් වමේ කියා ගන්නා නිසා ද මේ වම කියන්නේ මොකක්ද කියන කාරණයට වහාම මාරු වෙන්නේ කතා බහ? මෙහෙම පිළිවෙලක් නැතුව කාරණෙන් කාරණෙට පනින එක ජිජැක් චින්තනයේ ක්‍රමයද කියල මේව කියවන අයට හිතෙන්න පුළුවන් නේද? නැත්නම් මේ සිතීමේ ක්‍රමය විශ්ව විද්‍යාල සිතීමේ ක්‍රමයක්ද? කිසියම් සුවිශේෂ විශ්ව විද්‍යාලයක?

ඊළඟට විද්වතා මෙහෙම කියනවා:

“ 70 විජේවීර ප්‍රමුඛ කරගත් මතවාදය දස දහස් ගණනක් මිනී කඳු ගොඩනැගෙන ජාතිවාදයක් කරා ඇදී ගියා. එහෙම නම් සම්භාව්‍ය මාක්ස්වාදී න්‍යාය මොන දිශානතියට ද කරකැවෙන්නෙ? මෙන්න“

 

 

 

ඒ කියන්නෙ 70 ජවිපෙ ජාතිවාදය වම නෙවෙයි. හැබැයි මෙතන 70 ජවිපෙ කියන්නෙ මොකක්ද, මෙතන කියන ජාතිවාදයට සම්බන්ධ මිනී කඳු මොනවද කියල පැහැදිළි නැහැ. ලේඛකය ඒක පැහැදිළි කරන්න උත්සාහයක් දරල නැහැ. ඔහු කරන්නෙ විද්වතා කියන දේ ඔහේ ලියන එකයි.

ඊළඟට විද්වතා ආයෙම මෙහෙම කියනව-

“මෙවැනි තත්ත්වයක් යටතේ අපිට කොතනද ජිජැක් වැදගත් වෙන්නෙ? අපි නිවැරැදිව ම ඒ තැන හඳුනාගනිමු.“

එතකොට විද්වතාට අනුව ජිජැක් සම්භාව්‍ය මාක්ස්වාදියෙක්. මේක ඇත්තද? කොහොමද ඒක ඔප්පු කරන්නෙ?

විද්වතා මෙහෙම කියනව:

“ ජිජැක් පැහැදිලිව ම සාකච්ඡා කරනවා අතීත කාමය පිළිබඳ. අපි අතීත කාමයට යන්නෙ කොතනින්ද? ජිජැක් වගේම මෙහි දී හබමාස් ද වැදගත් වෙනවා. අපි අතීත කාමයට යන එක අවස්ථාවක් තමා වර්තමානයේ තිබෙන නොහැකියාව. අතීතයට ගිහින් වර්තමාන තත්ත්වය සාධාරණීකරණය කළේ කොහොමද කියල බලමු. ජවිපෙ කළෙත් ඒක ම යි. දෙමළා මරන්න වුවමනා වනවිට වර්තමානයේ තිබෙන තත්ත්වය විග්‍රකරගන්නයි ඔවුන් ජාතිවාදය ගේන්නෙ. ජාතිවාදයේ ඇත්ත තත්ත්වය එය යි. තමාගේ වාර්ගික අනෙකා සතුරා ලෙස දෘෂ්ටිමය වශයෙන් පරිවර්තනය කරගන්නයි ඔවුන්ට මාක්ස්වාදය අවශ්‍යය වෙන්නෙ. සැබැවින් ම මාක්ස්වාදය කියන්නෙ එය නොවෙයි.“

දැන් මෙතන විද්වතා පැහැදිළි නොකරණ කරුණු තියනවා. එකක් තමයි හබමාස් ගෙ නම කිව්වට ඔහු ගෙ අදහස් ගැන මොකුත් කියන්නෙ නැහැ. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ name dropping කියල.  විද්වතා කියනව “අපි අතීත කාමයට යන එක අවස්ථාවක් තමා වර්තමානයේ තිබෙන නොහැකියාව. අතීතයට ගිහින් වර්තමාන තත්ත්වය සාධාරණීකරණය කළේ කොහොමද කියල බලමු.“ ඔහු පැහැදිළි කරන්නෙ නැහැ ජිජැක් මේක විග්‍රහ කරන්නෙ කොහොමද කියල. කොතැනද කියල. කිසිම මූලාශ්‍රයක් දෙන්නේ නැහැ කාට හරි වැඩි දුර කියවන්න. පෙන්වන්නෙ හරියට ගුරු මුෂ්ටිය ගුරා ළඟ තියාගන්නව මිසක ගෝලයන්ට දෙන්නෙ නැහැ වගේ නේද? ගුරුමුෂ්ටියක් තියෙනව වගේ පෙන්නනව නේද? තවදුර ඔහු කියනව “ජවිපෙ කළෙත් ඒක ම යි. දෙමළා මරන්න වුවමනා වනවිට වර්තමානයේ තිබෙන තත්ත්වය විග්‍රකරගන්නයි ඔවුන් ජාතිවාදය ගේන්නෙ. ජාතිවාදයේ ඇත්ත තත්ත්වය එය යි. තමාගේ වාර්ගික අනෙකා සතුරා ලෙස දෘෂ්ටිමය වශයෙන් පරිවර්තනය කරගන්නයි ඔවුන්ට මාක්ස්වාදය අවශ්‍යය වෙන්නෙ“ කියල.

ඔහු පැහැදිළි නොකරන දේ තමයි ජවිපෙට “දෙමළා මරන්න වුවමනා“ වුනේ ඇයි කියල. මොකක්ද මේ ඔහු කියන්නෙ ජවිපෙට දෙමළා මරන්න උවමනා වුනා කියල? ජවිපෙ “ තමාගේ වාර්ගික අනෙකා සතුරා ලෙස දෘෂ්ටිමය වශයෙන් පරිවර්තනය කර”  ගන්නේ කොහොමද කියල ඔහු උදාහරණ දෙන්නෙ නැහැ. ඒකටත් හේතුවක් තියෙනව, ඒ තමයි උදාහරණ දුන්නොත් ඒව ඔස්සෙ සාකච්ඡාවක්,  ප්‍රශ්න කිරීමක් ගොඩ නැගෙන්න පුළුවන්. මෙහෙම කලාම කිසි ගැටලුවක් නැහැ. ඔහේ කියාගෙන යන්න පුළුවන්. කිසි දෙයක් පැහැදිළි කරන්නේ නැහැ. ඔහේ නිකම් කියනවා. ලේඛකයා ඒවා ලියනවා. මේ කියන දේවල් පැහැදිළි නොකර ඔහේ කියාගෙන යමින් කිසියම් ගුප්ත භාවයක් ඇතුළු කරනව අදහස් වලට. එතකොට කියවන කෙනා හිතනව මම මේව නොදන්නව කියල මේව මට අපැහැදිළියි කියල පෙන්නුවම මම හෑල්ලු වෙනව කියල. එහෙම හිතාගෙන නිශ්ශබ්ද වෙනව. කියන දේ අනුව තමන්ට හිතෙන දේ තමයි විද්වතා අදහස් කළේ කියල නිශ්ශබ්දවම හිතා ගන්නව.

ඔන්න ඉතින් ලේඛකයා ආයෙ ප්‍රශ්නයක් අහනව අර කලින් ලැබුණු උත්තර හරියට පැහැදිළියි වගේ. “ ඔවුන් එබඳු දෘෂ්ටිවාදයක් ඇයි? කොහෙන්ද ඔවුන් එය රැගෙන එන්නේ?“

විද්වතා ඒකට දෙන උත්තරයෙන් කාරණය පැහැදිළි වෙනවද? මේ බලන්න උත්තරය-

“ඇත්තට ම ඔවුන් ගමන් කරන්නෙ සම්භාව්‍ය මාක්ස්වාදය දිසාවට නොවෙයි. ඔවුන් ගමන් කරන්නෙ අතීතය දිශාවට. ඔවුන් ගමන් කරන්නෙ: සිංහලකම, පෞරාණිකත්වය, එහි තිබෙන සුපිරිසිදු බව, වීරත්වය යනාදිය වෙතයි. ඒ නිසයි ඔවුන් කැප්පෙටිපොළ, මද්දුම බණ්ඩාර යනාදි චරිත අරගෙන එන්නෙ.“

දැන් තේරෙනවද?

ඔන්න ඊළඟට ඒක විග්‍රහ කරනව විද්වතා මෙන්න මෙහෙම-

“ මේ කාරණය ක්‍රම දෙකකට විග්‍රහ කරන්න පුළුවන්. පළමු විග්‍රය වෙන්නෙ අපේ පශ්චාත් යටත් විජිත මොහොත. මේ තත්ත්වය තුළ විශාල ප්‍රචණ්ඩත්වයකට, මර්දනයකට ලක් වෙන අපි ජාතියක් විදියට ඒ මොහොතෙ අසාර්ථකයි. තව දුරටත් කිව්වොත් ‘නිදහසෙන් පස්සෙ’ අසාර්ථකයි. මෙන්න මේ අසාර්ථක මොහොත අපිට පෙන්වා දෙනවා ‘දෙයියෝ සාක්කි අපිට තිබුණ නේද මාර අතීතයක්?’ යන මතය. ඒ අපි අතීතයට යන එක සංධිස්ථානයක්. එතනදි අපි හොයන්නෙ මානසික සමතුළිතතාවයක්. වර්තමානය අසාර්ථක වන විට අපි අතීතයට ගමන් කරනවා. දෘෂ්ටිමය සමතුලිතතාවයක් අතීතයෙන් ගන්න පුළුවන්ද කියල අපි සොයා බලනවා.“

පශ්චාත් යටත් විජිත මොහොතෙ “ අපි විශාල ප්‍රචණ්ඩත්වයකට, මර්දනයකට ලක් වෙන“ ව කියන්නෙ, ඇයි අපි ජාතියක් විදියට ඒ මොහොතෙ “අසාර්ථක යි“ කියන්නේ මොන පදනමින්ද? කාගෙ දෘෂ්ටි කෝණයෙන්ද? පර්යාලෝකයෙන් ද? මොකක්ද ඒකට පදනම් වෙන දෘෂ්ටිවාදය? මෙහෙම කියන කොට මේ විද්වතා ජාතිය පිළිබඳ නූතන සංකල්පය මත පදනම් වෙලා මේ අදහස ඉදිරිපත් කරන බව පේනව. මේ අසාර්ථකවිම නූතනත්වයේ පැත්තෙන් නවීකරණයේ පැත්තෙන් බැලුවම එන අදහසක් නේද?

මිනිස්සුන්ට වර්තමානයේ අත් දැකීම ගැන හිතන්නට තියෙන මාන දෙක තමයි අතීතය සහ අනාගතය. අපි හිතන්න ඕන කාරණේ තමයි අපි අතීතයට හැරෙන්නෙ ඇයි කියල? ඇයි අපි එතෙන්දි අනාගතය දිහා බලන්නෙ නැත්තෙ? මේකත් විග්‍රහයට ඇතුළත් වෙන්න ඕන නේද?

ජිජැක් අතීතකාමය nostalgia විග්‍රහ කරන්නේ කොහොමද? ඒ ගැන එක් මෑත කාලීන උදාහරණයක් 2009 පහත ලිපියේ එනවා. එහි සඳහන තියෙන්නේ (උදා: රුසියාවේ) කොමියුනිස්ට් සමාජය බිඳ වැටුනාම ඇතිවුණු ධනවාදය යටතේ ජනයාට පරණ කොමියුනිස්ට් සමාජය ගැන ඇතිවන අතීතකාමය ගැන. ධනවාදයෙන් අපේක්ෂා කරන සෞභාග්‍යයත් කොමියුනිස්ට්වාදය යටතේ තිබුණු ආරක්ෂණය සහ ස්ථායීභාවයත් දෙකම පිලිබඳ ඇති අපේක්ෂා නිසා කොමියුනිස්ට සමාජය පිළිබඳ ඇති අතීතකාමය ගැන. ඔහු මෙහි කියන විදියට මෙය ඇතිවූ වෙනස භාරගැනීම සඳහා අහිමි වූ කොමියුනිස්ටවාදයේ මරණය ගැන දුක්වීමේ ශෝකවීමේ අවස්ථාවක්. නැතුව ආපහු කොමියුනිස්ට්වාදය කරා යන්න තියෙන අපේක්ෂාවක් නෙවෙයි කියල. ඒ වගේම ඔහු කියනවා මේ ජාතිකවාදී ජනකාන්තවාදය නැගෙනහිර යුරෝපයේ පමණක් නොව ගෝලීයකරණයේ දිය සුළිය ට අසුවූ සියලු රටවල්වල අත් දැකිය හැකියි කියල. මේ උදාහරණය අනුව ගියොත් විද්වතා ජවිපෙ අතීතකාමයට හැරීම විග්‍රහ කරන ආකාරය ජිජැක් අනුව පිළිගන්න පුළුවන්ද?

බලන්න-

This reversal is usually explained in terms of the ‘immature’ expectations of the people, who simply didn’t have a realistic image of capitalism: they wanted to have their cake and eat it, they wanted capitalist-democratic freedom and material abundance without having to adapt to life in a ‘risk society’ – i.e. without losing the security and stability (more or less) guaranteed by the Communist regimes. When the sublime mist of the ‘velvet revolution’ had been dispelled by the new democratic-capitalist reality, people reacted in one of three ways: with nostalgia for the ‘good old days’ of Communism; by embracing right-wing nationalist populism; with belated anti-Communist paranoia. The first two reactions are easy to understand, and they often overlap (as in today’s Russia). The same rightists who, decades ago, were shouting ‘Better dead than red!’ are now often heard mumbling ‘Better red than eating hamburgers.’ The nostalgia for Communism shouldn’t be taken too seriously: far from expressing an actual wish to return to a grey Socialist reality, it is a form of mourning, of gently getting rid of the past. And nationalist populism, far from being peculiar to Eastern Europe, is a common feature of all countries caught in the vortex of globalisation.

London Review of Books
Post-Wall
SlavojŽižek

http://www.lrb.co.uk/v31/n22/slavoj-zizek/post-wall

ජිජැක් අතීතකාමය ගැන කරන න්‍යායික විග්‍රහය තියෙන්නේ ඔහුගේ 1992 පළකළ Looking Awry කියන පොතේ 114-116 පිටුවල අශ්ලීල මාධ්‍ය පිළිබඳ කරන සාකච්ඡාවේ. මේ සාකච්ඡාව ජිජැක් ඉදිරිපත් කරන්නෙ දැකීම (seeing) සහ බැල්ම (gaze) පිළිබඳ සංකල්ප මුල් කරගෙන. ඉතින් හරිනම් විද්වතා කරන්න ඕන ජිජැක් ගේ මේ න්‍යායික විග්‍රහය පාඨකයාට ඉදිරිපත් කරල ඒක ඔහු කියන ජවිපෙ උදාහරණය පැහැදිළි කරන්න අදාළ වෙන හැටි පැහැදිළි කරන එක නේද? අපි හිතනව ඉදිරියේදිවත් ඒක කරයි කියල.

අපි ඒ අදාළ කොටස ජිජැක් ගේ පොතින් උපුටලා මේ ලිපිය අග පහත සම්පූර්ණයෙන්ම පළ කරනවා.

විද්වතා මේ කාරණය තවදුර විග්‍රහ කරන්නේ මේ විදියට-

‘ දැන් දෙවන කාරණයට එළැඹෙමු.

මේ සියල්ල සාධාරණීකරණය කිරීම සඳහා මතුකරන්නෙ කුමක් ද? දැවැන්ත ඒකාධිකාරියක්; සමස්තථාවාදයක්. තවත් සරලව ම කියනවා නම් සමස්ත ක්‍රමය ම වසා පැතිරගත් නායකත්වයක්. මහින්ද ක්‍රියාත්මක කළේ මෙන්න මේ කියපු ඒකාධිකාරිය යි. ජවිපෙ විසින් උත්කර්ෂයට නංවන ලද සිංහලත්වයේ අශ්ලීල නායකයා බවට පත්වෙන්න මහින්ද රාජපක්ෂට හැකියාව ලැබෙනවා. අවසානයේ දි මොකද වෙන්නෙ? මිනිහා එළවාගන්න ජවිපෙටත් බැරි වෙනවා. දැන් ජවිපෙ මොන විදියට දැඟලුවත් ගොඩ එන්න බැරි මෙන්න මේ හේතුව නිසා. මෙන්න මෙතනදි දීප්තිලාගෙ පෙරටුගාමි පක්ෂය නිවැරදි ස්ථාවරයක සිටි බව පැහැදිලියි. ජිජැක් වැදගත්වෙන්නෙ ඇයි කියන කාරණය වගේ ම අපි ඉන්නෙ කුමන මොහොතක ද කියන කාරණයත් මෙහි දී සැලකිල්ලට ගතයුතුයි.“

මහින්දට බලයට එන්න පාර කපන්නේ මේ විද්වතා කියන විදියට ජවිපෙ ජාතිකවාදය ද? එල්ටීටීඊ යේ ත්‍රස්තවාදය ජවිපෙ ප්‍රථිපලයක් ද? එල්ටීටීඊ ය රජිව් ගාන්ධි මරා දමන්නේ ජවිපෙ නිසාද? මේ අනුව සිංහල ජාතිකවාදයත් දෙමළ ජාතිකවාදයත් දෙකම ජවිපෙ නිසා දිගටම පැවැතුණු ඒවා. මොකක්ද මේ විද්වතා කියන දීප්තිලාගෙ පෙරටුගාමී පක්ෂය විතරක් හිටිය නිවැරදි ස්ථාවරය?

මෙන්න ලේඛකයා විද්වතාගෙන් අහන අවසන් ප්‍රශ්නය සහ ඔහුගේ උත්තරය –

“ එහෙම නම් සමාජවාදය සිහිනයක් ද?“

උත්තරය –

“ මිනිස්සු පරිකල්පනීයව සිතනවා සමාජවාදයක් තියෙනව කියලා. නමුත් මේ සිද්ධ වෙන්නෙ සමාජවාදය කරා ගමන් කිරීම නොවෙයි. ඔබේ ප්‍රශ්නය තුළ යම් තැනක විමසනවා සමාජවාදය කියන්නෙ ‘හරි ෂෝක් නේද’ වගේ අදහසක්. ඒක එහෙම නැහැ. “

‘සමාජවාදය ෂෝක්’ කියන්නෙ දෘෂ්ටිමය තලයක ඉඳගෙන. “

අපේ ප්‍රශ්නෙ මේකයි. කවුද එහෙම කියන්නෙ? ඇයි එහෙම දෘෂ්ටිමය තලයෙ විතරක් සමාජවාදය ෂෝක් කියන්නෙ? මේ කිසි දෙයක් විද්වතා පැහැදිළි කරන්නේ නැහැ. නියම විශ්ව විද්‍යාල ගුරුවරයෙක් වගේ ද?

“ ජිජැක් ඔය කාරණය ඉතාමත් පැහැදිලිව ම ප්‍රතික්ෂේප කරනවා. ඔහු, තමා මාක්ස්වාදියෙක් විදියට කරන හැඳන්වීම ප්‍රතික්ෂේප කරන අවස්ථා තිබෙනවා. “

අපේ ප්‍රශ්නෙ මේකයි. ජිජැක් කොහෙද මෙහෙම කියන්නේ? ඇයි මූලාශ්‍ර දෙන්නෙ නැත්තෙ?

“ඇයි එමෙ වෙන්නෙ? පැරණි අර්ථයෙන් ඔහු සමාජවාදියෙක් හෝ මාක්ස්වාදියෙක් නොවෙයි. ඔහු එක් අවස්ථාවක ප්‍රකාශ කරනවා තමන් එය තුළ පිහිටුවාගන්නෙ කොහොමද කියල කියන්න බැහැ කියල. නමුත් ඔහු සමාජවාදී සම්ප්‍රදාය තුළ ඉන්නවා. ඒ සමගම අපිට සමාජවාදය පිළිබඳ බොරු ෆැන්ටසියක් දෙන්නෙ නැහැ. ඒ ෆැන්ටසිය දීම ඔහු ප්‍රතික්ෂේප කරන නිසා ම යි ඔහු තව තවත් වැදගත් වෙන්නෙ. නමුත් ලංකාවෙ වෙන්නෙ එය නොවෙයි. “

මොකක්ද මේ විද්වතා කියන සමාජවාදය පිළිබඳ බොරු ෆැන්ටසිය?

“ ජිජැක් පැහැදිලිව ම මේ අදහස ප්‍රකාශ කරනවා. ‘මේ මොහොතේ වැදගත් ම දේ ක්‍රියාත්මක භාවය නොව සිතීම ය.’ කියා ඔහු පවසනවා. මේ මොහොතේ අපිට ලැබිය හැකි ලොකුම ජයග්‍රහණය වෙන්නෙ සිතීම බව ඔහු වැඩිදුරටත් පවසනවා. ඇත්තට ම මේ මොහොතෙ කවුරුන් හෝ සමාජවාදය ගැන කතාකරනවා නම් ඔහු උම්මත්තකයෙක්.

දැන් මේ විද්වතා සහ ඔහුගේ බුදුන් වන දීප්තිට ජිජැක් හරහා නුවන පහළ වෙලා. දැන් දේශපාලනය කියන්නේ සිතන එකලු. ඒ කියන්නේ දර්ශනවාදයට පසු බහින එකද? ඉතින් එහෙම නම් මේ ජිජැක් බදාගෙන මහ කලබලයක් කරන්නේ? සිතීම කියන්නේ ජිජැක් අනුකරණය කරන එකද? නැත්නම් ස්වාධීනව සිතන එකද? මේ වගේ ගුරුවරුන්ගෙන් හිතන්න ඉගෙන ගන්න පුළුවන්ද?

|මතු සම්බන්ධයි
සාකච්ඡා සටහන – ජයසිරි අලවත්ත

From Looking Awry by Zizek

Nostalgia

In pornography, the gaze qua object falls thus onto the subject-spectator, causing an

effect of depressing desublimation. Which is why, to extract the gaze-object in its pure,

formal status, we have to turn to pornography’s opposite pole: nostalgia.

Let us take what is probably today the most notorious case of nostalgic fascination in the

domain of cinema: the American film noir of the 1940s. What, precisely, is so fascinating

about this genre? It is clear that we can no longer identify with it. The most dramatic

scenes from Casablanca, Murder, My Sweet, or Out of the Past provoke laughter today

among spectators, but nevertheless, far from posing a threat to the genre’s power of

fascination, this kind of distance is its very condition. That is to say, what fascinates us is

precisely a certain gaze, the gaze of the “other,” of the hypothetical, mythic spectator

from the ’40s who was supposedly still able to identify immediately with the universe of

film noir. What we really see, when we watch a film noir, is this gaze of the other: we are

fascinated by the gaze of the mythic “naive” spectator, the one who was “still able to take

it seriously,” in other words, the one who ”believes in it” for us, in place of us. For that

reason, our relation to a film noir is always divided, split between fascination and ironic

distance: ironic distance toward its diegetic reality, fascination with the gaze.

This gaze-object appears in its purest form in a series of films in which the logic of

nostalgia is brought to self-reference: Body Heat, Driver, Shane. As Fredric Jameson has

already observed in his well-known article on postmodernism, 8 Body Heat reverses the

usual nostalgic procedure in which the fragment of the past that serves as the object of

nostalgia is extracted from its historic context, from its continuity, and inserted into a

kind of mythic, eternal, timeless present. Here, in this film noir—a vague remake of

Double Indemnity, which takes place in contemporary Florida—present time itself is

viewed through the eyes of the film noir of the ’40s. Instead of transposing a fragment of

the past into a timeless, mythic present, we view the present itself as if it were part of the

mythic past. If we do not take into consideration this “gaze of the ’40s,” Body Heat

remains simply a contemporary film about contemporary times and, as such, totally

incomprehensible. Its whole power of fascination is bestowed upon it by the fact that it

looks at the present with the eyes of the mythical past. The same dialectic of the gaze is at

work in Walter Hill’s Driver; its starting point is again the film noir of the ’40s which, as

such, does not exist. It started to exist only when it was discovered by French critics in

the ’50s (it is no accident that even in English, the term used to designate this genre is

French: film noir). What was, in America itself, a series of low-budget B-productions of

little critical prestige, was miraculously transformed, through the intervention of the

French gaze, into a sublime object of art, a kind of film pendant to philosophical

existentialism. Directors who had in America the status of skilled craftsmen, at best,

became auteurs, each of them staging in his films a unique tragic vision of the universe.

But the crucial fact is that this French view of film noir exerted a considerable influence

on French film production, so that in France itself, a genre homologous to the American

film noir was established; its most distinguished example is probably Jean-pierre

Melville’s Samurai. Hill’s Driver is a kind of remake of Samurai, an attempt to transpose

the French gaze back onto America itself—a paradox of America looking at itself

through French eyes. Again, if we conceive Driver simply as an American film about

America, it becomes incomprehensible: we must include the “French gaze.”

Our last example is Shane, the classic western by George Stevens. As is well known, the

end of the ’40s witnessed the first great crisis of the western as a genre. Pure, simple

westerns began to produce an effect of artificiality and mechanical routine, their formula

was seemingly exhausted. Authors reacted to this crisis by overlaying westerns with

elements of other genres. Thus we have film noir westerns (Raoul Welsh’s Pursued,

which achieves the almost impossible task of transposing into a western the dark universe

of the film noir); musical comedy westerns (Seven Brides for Seven Brothers);

psychological westerns (The Gunfighter, with Gregory Peck); historical epic westerns

(the remake of Cimarron), etc. In the ’50s, André Bazin baptized this new, “reflected”

genre the meta-western. The way Shane functions can be grasped only against the

background of the “meta-western.” Shane is the paradox of a western, the “meta-”

dimension of which is the western itself. In other words, it is a western that implies a kind

of nostalgic distance toward the universe of westerns: a western that functions, so to

speak, as its own myth. To explain the effect produced by Shane, we must again refer to

the function of the gaze. That is to say, if we remain on the commonsense level, if we do

not include the dimension of the gaze, a simple and understandable question arises: if the

meta-dimension of this western is the western itself, what accounts for the distance

between the two levels? Why does the meta-western not simply overlap with the western

itself? Why do we not have a western pure and simple? The answer is that, by means of a

structural necessity, Shane belongs in the context of the meta-western: on the level of its

immediate diegetic contents, it is of course a western pure and simple, one of the purest

ever made. But the very form of its historical context determines that we perceive it as

meta-western, i.e., precisely because, in its diegetic contents, it is a pure western, the

dimension ”beyond western” opened up by the historical context can be filled out only by

the western itself. In other words, Shane is a pure western at a time when pure westerns

were no longer possible, when the western was already perceived from a certain nostalgic

distance, as a lost object. Which is why it is highly indicative that the story is told from a

child’s perspective (the perspective of a little boy, a member of a farming family

defended against violent cattle breeders by Shane, a mythic hero appearing suddenly out

of nowhere. The innocent, naive gaze of the other that fascinates us in nostalgia is in the

last resort always the gaze of a child.

In nostalgic, retrofilms, then, the logic of the gaze qua object appears as such. The real

object of fascination is not the displayed scene but the gaze of the naive “other” absorbed,

enchanted by it. In Shane, for example, we can be fascinated by the mysterious apparition

of Shane only through the medium of the “innocent” child’s gaze, never immediately.

Such a logic of fascination by which the subject sees in the object (in the image it views)

its own gaze, i.e., by which, in the viewed image, it “sees itself seeing,” is defined by

Lacan as the very illusion of perfect self-mirroring that characterizes the Cartesian

philosophical tradition of the subject of self-reflection. 9 But what happens here with the

antinomy between eye and gaze? That is to say, the whole point of Lacan’s argument is to

oppose to the self-mirroring of philosophical subjectivity the irreducible discord between

the gaze qua object and the subject’s eye. Far from being the point of self-sufficient self-

mirroring, the gaze qua object functions like a blot that blurs the transparency of the

viewed image. I can never see properly, can never include in the totality of my field of

vision, the point in the other from which it gazes back at me. Like the extended blot in

Holbein’s Ambassadors, this point throws the harmony of my vision off balance.

The answer to our problem is clear: the function of the nostalgic object is precisely to

conceal the antinomy between eye and gaze—i.e., the traumatic impact of the gaze qua

object—by means of its power of fascination. In nostalgia, the gaze of the other is in a

way domesticated, “gentrified”; instead of the gaze erupting like a traumatic,

disharmonious blot, we have the illusion of “seeing ourselves seeing,” of seeing the gaze

itself. In a way, we could say that the function of fascination is precisely to blind us to the

fact that the other is already gazing at us. In Kafka’s parable “The Door of the Law,” the

man from the country waiting at the entrance to the court is fascinated by the secret

beyond the door he is forbidden to trespass. In the end, the power of fascination exerted

by the court is dispelled. But how, exactly? Its power is lost when the door keeper tells

him that this entrance was, from the very start, meant only for him. In other words, he

tells the man from the country that the thing that fascinated him was, in a way, gazing

back at him all along, addressing him. That is, the man’s desire was from the very start

“part of the game.” The whole spectacle of the Door of the Law and the secret beyond it

was staged only to capture his desire. If the power of fascination is to produce its effect,

this fact must remain concealed. As soon as the subject becomes aware that the other

gazes at him (that the door is meant only for him), the fascination is dispelled.

In his Bayreuth production of Tristan und Isolde, Jean-Pierre Ponelle introduced an

extremely interesting change in Wagner’s original plot, a change that precisely concerns

the functioning of the gaze as object of fascination. In Wagner’s libretto, the denouement

simply resumes the mythic tradition. The wounded Tristan takes refuge in his castle in

Cornwall and waits for Isolde to follow him. When, because of a misunderstanding

concerning the color of the sail of Isolde’s vessel, he becomes convinced that Isolde will

not arrive, he dies in agony. Whereupon Isolde arrives together with her lawful husband,

King Marke, who is willing to forgive the sinful couple. It is, however, too late; Tristan is

already dead. In esctatic agony, Isolde herself dies embracing the dead Tristan. What

Ponelle did was simply to stage the last act as if the end of the “real” action were Tristan’s

death. All that follows—the arrival of Isolde and Marke, Isolde’s death—is just Tristan’s

mortal delirium. In reality, Isolde has simply broken the vow to her lover and returned,

repentent, to her husband. The much-celebrated end of Tristan und Isolde, Isolde’s love-

death, appears thus as what it effectively is: the masculine fantasy of a finally

accomplished sexual relationship by which the couple is forever united in mortal ecstasy,

or, more precisely, in which the woman follows her man into death in an act of ecstatic

self-abandonment.

But the crucial point for us is the way Ponelle staged this delirious apparition of Isolde.

Because she appears to Tristan, we would expect her to stand in front of him and thus

fascinate his gaze. In Ponelle’smise-en-scène, however, Tristan looks directly at us, the

spectators in the hall, while the dazzlingly illuminated Isolde grows luxuriantly behind

him, as that which is “in him more than himself.” The object at which Tristan stares in

fascination is thus literally the gaze of the other (embodied in us, the spectators), the gaze

that sees Isolde, i.e., the gaze that sees not only Tristan but also his sublime other, that

which is in him more than himself, the “treasure,” agalma, in him. At this point, Ponelle

adroitly made use of the words sung by Isolde. Far from plunging into a kind of autistic

trance, she continually addresses the gaze of the other: “Friends! Do you see, can’t you

see, how he [Tristan] glitters more and more?”—that which ”glitters more and more” in

him being of course herself as the illuminated apparition behind him.

If the function of nostalgic fascination is thus to conceal, to appease the disharmonious

irruption of the gaze qua object, how is this gaze consequently produced? Which

cinematic procedure opens up, hollows the void of the gaze qua object in the continuous

flow of images? Our thesis is that this void constitutes the necessary, leftover of montage,

so that pornography, nostalgia, and montage Page 116 form a kind of quasi-Hegelian “triad” in relation to the status of the gaze qua object.

( SlavojZizek, Looking Awry, pp. 114-16)

“ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යයනය”(පශ්චාත් යථාර්ථවාදී වියමනක්) – ප්‍රපංචවේදී විසිනි

Posted on Updated on

slavoj-zizek-and-karl-marx-caricature

මේක පැහැදිළිවම පශ්චාත් යථාර්ථවාදී වියමනක්.සම්මුඛ සාකච්ඡාවේ ප්‍රශ්න අසන්නා සහ ඒවට පිළිතුරු ලියන්නා සහ පිළිතුරු දෙන්නා එකම සංවිධානයේ සාමාජිකයන් ලෙස කතා කරනවා. ලිපිය පටන් ගන්නේ මෙහෙමයි.

“ වසර 2005 සිට ජාතිකවාදී දේශපාලනය සහ සංවිධානය විය යුත්තේ කෙසේද යන ගැටලුවට නිශ්චිත පිළිතුරක් හමු නොවීම නිසා අපගේ සංවිධානයේ සමාජීය දේශපාලන අධ්‍යාපනය බිඳ වැටුණේය.“

මේ ලියන්නේ ප්‍ර‍ශ්න අසා ඒවාට පිළිතුරු ලියන්නා. ඒ අනුව ඔහුත් “අප සංවිධානයේ“ – ඒ කියන්නේ ( එක්ස් කණ්ඩායමේ ? ) සාමාජිකයෙක්.

මේ අය 2005 වසරේ සිට ගැටලුවකට නිශ්චිත පිළිතුරු හොයලා තියෙනවා. ඒ තමයි<
“ ජාතිකවාදී දේශපාලනය සහ සංවිධානය විය යුත්තේ කෙසේද යන ගැටලුව“. ඒ කියන්නේ ජාතිකවාදී දේශපාලනයට එරෙහිව සංවිධානය විය යුත්තේ කෙසේද? කියන එකද? නැත්නම් ජාතිකවාදය කියන ගැටලුව සහ සංවිධානය විය යුත්තේ කෙසේද? මෙතන ගැටලුව යනු ගැටලු දෙකක් ද?

ලේඛකයා මෙහෙම ලියනවා.

“ එම අඩුව පිරවීම සඳහා විවිධ පන්නයේ මධ්‍යම – පාන්තික (පහළ මැද පන්තිය) රැඩිකලූන් සහ රැඩිකල් මනෝ ව්‍යාධිකාරයන් ආදේශ විය. එවැනි විකාර පටන් ගත්තේ ලේක්හවුස් පුවත්පත් දෙකක් වන ‘දිනමිණ’ සහ ‘සිළුමිණ’ පුවත්පත් දෙකෙනි. එය ඉන්පසු සමාජ විද්‍යාඥයන්ගේ සංගමය (රංජිත් පෙරේරා) හරහා වාර්ගික ආයතනය උඩින් ගොස් කතිකා අධ්‍යයන කව තුළින් අවසන් වී ඇත. මේ කිසිදු විකාරයකින් ලංකාවේ වාමාංශික චින්තනයට කිසිදු සුගතියක් අත් නොවුණි. සිදුවූයේ වාමාංශික චින්තනය අභ්‍යන්තරයෙන් ඇමීබාකරණය වීම පමණි.“

මේ ලේඛකයාට අනුව ඔවුන් ගේ සංවිධානයේ නොහැකියාව පිරවීමට ආ අය මනෝව්‍යාධිකාරයන්. මෙසේ කියන්නට ඔහුට මනෝ ව්‍යාධිවේදය පිළිබඳවෘත්තීය පුහුණුවක් තියෙනවා වෙන්න ඇති. ඔහුට අනුව ඔවුන් කර ඇත්තේ විකාර. ඒවා විකාර වෙන්නේ මන්ද කියා ඔහු කියන්නේ නැහැ. ඔහුට අනුව දැන් අවසන් වී ඇති මේ විකාර වලින් සිදුවී ඇත්තේ අගතියක්. ඒ තමයි ලංකාවේ වාමාංශික චින්තනය ඇතුළතින් ඇමීබාකරණය වීම. ඒ කියන්නේ පිටතිනුත් ඒක ඇමීබාකරණය වෙන්න පුළුවන්. ඔහුට අනුව වාමාංශික චින්තනය එකක් විදියට තියෙන්න ඕන, නොබෙදී, විභේදනය නොවී. ජිජැක් කියන චින්තකයා බිහිවෙන්නෙත් එහෙම එකක් විදියට තිබුණු වාමාංශික චින්තනයකින් වෙන්න ඕන. ලංකාවෙ වාමාංශික චින්තනය කියන්නෙ මොකක්ද? මේ කියන විකාර කරපු අය එන්න ඉස්සරවෙලා ඒක එකක් විදියට තිබුනද? ඒ මොකක්ද?

“ ‘කොමියුනිස්ට්වාදය’ යනු මනෝ රාජ්‍යයක් නොව විද්‍යාත්මක දර්ශනයක් මත පදනම්ව ගමන් කළ හැකි සාමූහික ප‍්‍රජාවක් පිළිබඳ අදහසකි. මාක්ස්වාදය යනු ධනවාදය පමණක් නොව ‘ප‍්‍රාග්ධනය’ද විචාරය කරන විද්‍යාවකි. “

මාක්ස්වාදය විද්‍යාවක් වන්නේ ස්වභාවික විද්‍යාවන් මෙන් යථානුභූතවාදී (positivist) පදනමක් ඊට ඇත යන අර්ථයෙන්ද? කොමියුනිස්ට්වාදී ප්‍ර‍ජාවකට විද්‍යාත්මක දර්ශනයක් මත පදනම් ව ගමන් කරන්නේ කොහොමද? මේ වගේ අනන්තවත් ප්‍ර‍ශ්න මතුවෙනවා මේ ලිපියේ කියන දේවල් වලින්.

මේ ලිපි පෙළ “ කොළඹට පැමිණ පොරවල් වන්නට ආසා කරන ගම්වල දුප්පත් තරුණ ජනයා ට “ එසේ නොකොට “ ඒ වෙනුවට ඒ ඒ පළාත්වල ජීවත් වෙන්නට“ කරන දිරිගැන්වීමකි. ඒ කියන්නේ මේ ලිපි පෙළින් ජිජැක්ගේ දර්ශනය හදාරා ගමේ ඉඳපල්ලා යන්නයි. මෙය කතිකාවතක් යයි ලේඛකයා කියයි. ඒ කියන්නේ දඹදෙණි කතිකාවත වගේ එකක්ද?

ඓතිහාසික අත්දැකීමක් ලෙස ‘සමාජවාදය’ අසමත් වුනාලු. ජිජැක් කරන්නේ ඒකට විසඳුමක් දෙන්න හදන එක. ඉතින් ඒකෙදි ජිජැක් අවධි දෙකක් පසු කරාලු. ලේඛකයා මෙහෙම කියනවා.

“පළමු යුගයේ පදනම ‘මහා – අනෙකා’ නැත යන ප‍්‍රවාදය නම්, දෙවන යුගයේ පදනම ‘මහා – අනෙකා’ අවිඥානික විමර්ශකයක් ලෙස ගෙන සාමූහික ප‍්‍රශ්නවලට අදාළව ‘භක්තිය’ මත පදනම්ව සාමූහික ප‍්‍රජාවක් ගොඩනැගීමයි. පළමුවැන්න ආගම විවේචනය කිරීමක් නම් දෙවැන්න ආගම යනු දෘෂ්ටිවාදය විචාරය කිරීමේ පදනම ලෙස ගැනීමකි.“

දැන් ගමේ හරි නගරෙ හරි ඉන්න තරුණයා ඉහත වාක්‍ය දෙක ලිහා ගන්නේ කොහොමද? මං හිතන්නේ මේ ලිපි වල ඉස්සරහට මේක ලිහල දෙයි ආධුනික ගැමි තරුණයාට.

මහා-අනෙකා යනු කුමක් ද? මෙය සරලව තේරුම් ගත හැකි මූලාශ්‍ර‍ක් තියෙනවද? සිංහලෙන්? ඉංග්‍රීසියෙන් නම් තියෙනව. අපි ඒ ගැන පස්සෙ කතා කරමු.
ඊළඟට, මෙතන
“විමර්ශකය“ කියන්නේ මොකක්ද? ඉංග්‍රීසියෙන් review කියන එකද? නැත්නම් inquiry කියන එකද?

“ආගම යනු දෘෂ්ටිවාදය විචාරය කිරීමේ පදනම ලෙස ගැනීමකි“ යන අදහස ආගම විවේචනය කිරීම හා සමාන නොවන බව මෙතන කියනවා. මේ කියන්නේ දෘෂ්ටිවාදය විචාරය කරන්න ආගම පදනම් කරගන්නවා කියන එකද? මෙතන දෘෂ්ටිවාදය කියන්නේ මොකක්ද? විවේචනය සහ විචාරය අතර තියෙන වෙනස පාඨකයා තේරුම් ගන්නේ කොහොමද? ඉස්සරහට ඒව ඔක්කොම ලිහල දෙයි නේද?

ඔන්න දැන් ලේඛකයා පළවෙනි වතාවට ප්‍ර‍ශ්නයක් අහනවා ජිජැක් ගැන කියා දෙන කෙනාගෙන්. ඉතිං මෙච්චර වෙලා ජිජැක් ගැන කිව්වෙ ලේඛකයා කියල අපිට හිතාගන්න වෙනව. ඒ කියන්නෙ ඔහුත් ජිජැක් ගැන හොඳට දන්න කෙනෙක්.

මෙන්න ලේඛකයා / ප්‍ර‍ශ්න විචාරකයා පළමුවෙන්ම කියන දේ

“මම කැමැතියි ඔබ කැමැති තැනකින් ම කතාව ආරම්භ කරන්න“


දැන් ඔන්න ජිජැක් ගැන දන්න විද්වතා ප්‍ර‍ශ්නෙට උත්තර දෙනවා.

“ලංකාවේ බොහෝ දාර්ශනිකයන්ට වගේ ම උගතුන්ට, බුද්ධිමතුන්ට ජිජැක් හමුවෙන්නෙ දීප්ති කුමාර ගුණරත්න හරහා“ කියලයි. දැන් මේ වෙනස් කතාවක්. කොහොම වුනත්, ඉතින් මේ දීප්ති හරහා ජිජැක් හමුවූ ලංකාවේ දාර්ශනිකයන් උගතුන් කවුද? ජිජැක් හමුවෙන එක වැදගත් ඇයි? ජිජැක් දැන් අපේ සියලු ප්‍ර‍ශ්න විසඳලා දෙනවද?

ලංකාවේ සමාජයට මාක්ස් හඳුන්වා දුන්නේ කවුද කියල කවුරු හරි කියනවා අහල තියෙනවද?
ඒ එක්කම විද්වතා කියනවා
“දැන් ලංකාවෙ බොහෝ පිරිසක් ජිජැක් ගැන දන්නවා. “ මොනවද දන්නෙ? ඒකෙන් ලංකාවෙ සමාජයට මොකද වුනේ? මේ ලිපිය ආරම්භයේදී ලේඛකයා කිව්වේ

“ඔහුගේ චින්තනය අවුල් කිරීම සඳහා සමාජයට කරන ලද කැත වැඩ සමූහයට අදාළ වගකීම සාමූහිකව අපි බාර ගන්නෙමු. බොහෝ කැත වැඩ කෙළේ අපේ සංවිධානයේම පැරැණි සගයන්ය.“ කියලයි. ඉතින් හඳුන්වා දීමෙන්ම මොකුත් සාධනය වෙන්නෙ නැති බව මේකෙන් කියවෙනවා නේද? දැන් මේ හඳුන්වාදීම නැතිනම් චින්තනයේ කොපි රයිට්ස් තියා ගැනීම ගැන ජිජෙකියානු විග්‍ර‍හය වනු ඇත්තේ මොකක්ද? කොහොම වුනත් බුදුන් වැදල පටන් ගන්න මේ ආගමික කතාව තුළ විද්වතා ඊළඟට කියනවා “ආසියානු කලාපයේ ම වැඩිපුර ජිජැක් ගැන කතා කරන්නෙ ලංකාවෙ.“ කියල. කොහොමද දන්නෙ නැහැ මේ නිගමනයට එළඹුනෙ. ඔහු කියනව “ඒකට හේතුව දීප්ති. “ මේ කියන්නෙ දීප්ති ඒ තරම්ම ජිජැක් ගැන ලංකාවෙ කතා කළා කියල වෙන්න ඇති. එකත් ඇත්ත වෙන්න ඇති. ප්‍ර‍ශ්නෙ තියෙන්නෙ ඒ කතාවෙන් ප්‍ර‍ථිඵලයක් වුනේ නෑ වගෙයි නේද? ඒකනේ ආරම්භයේදී කිව්වෙ වැඩේ අවුල් කළේ “අපිමයි“ කියල. ඒකනේ දැන් මේ අලුතින්ම පටන් ගන්න වෙලා තියෙන්නෙ.

මෙන්න, ලේඛකයාගේ දෙවැනි ප්‍ර‍ශ්නය

“හොඳයි… අපි කතා කරමු ලංකාවට අදාළ වෙන්නෙ කොහොමද කියල“

මෙන්න උත්තරේ. ඉස්සරවෙලා කියනව එක කාරණයක්.

“ එතැනදි අපිට වඩාත් ම වැදගත් වෙන්නෙ අපි ඉන්නෙ ධනවාදයේ කුමන ස්ථානයේද කියන කාරණය. ධනවාදය අපිට වැදගත් වෙන්නෙ කුමන අවස්ථාවේද? අපිට ඒ අවස්ථාවේ ධනවාදය අතික‍්‍රමණය කළ හැකි ද? යන සන්දර්භය තුළයි අපිට ජිජැක් පිළිබඳ කතා කරන්න පුළුවන් වෙන්නෙ.“

ඒ ප්‍ර‍ශ්න එකකටවත් උත්තර නැහැ. ඊළඟට වෙන කාරණාවකට බහිනව. මං හිතන්නේ මේ ආරම්භයනේ. ප්‍ර‍ස්ථාවනාව. ඉදිරියට මේ ඔක්කොම එකින් එක පැහැදිළි කරන්නයි යන්නෙ.

“මම හිතන්නෙ අපිට ජිජැක් වැදගත් වෙන්නෙ කාරණා දෙකක් නිසා. එකක් නම් ජිජැක් මාක්ස්වාදියෙක් කියන කාරණය නෙවෙයි. ජිජැක්ට දේශපාලන ඉතිහාසයක් තිබෙනවා කියන කාරණය. ඔහු ක‍්‍රියාකාරී දේශපාලනය තුළත් සිටිනවා. ඒ වගේ ම ඔහු පරිණාමය වෙන්නෙ ඓතිහාසික දේශපාලන සාකච්ඡාව තුළ ම යි. මෙන්න මේ කාරණාව නිසා ජිජැක් එක් අතකින් වැදගත්.“

ජිජැක් මාක්ස්වාදියෙක් වීම වැදගත් නැහැ. හැබැයි ආරම්භයේදී ලේඛකයා කිව්ව “‘කොමියුනිස්ට්වාදය’ යනු මනෝ රාජ්‍යයක් නොව විද්‍යාත්මක දර්ශනයක් මත පදනම්ව ගමන් කළ හැකි සාමූහික ප‍්‍රජාවක් පිළිබඳ අදහසකි. මාක්ස්වාදය යනු ධනවාදය පමණක් නොව ‘ප‍්‍රාග්ධනය’ද විචාරය කරන විද්‍යාවකි “ කියල. මේකෙන් ඇගවුණේ ජිජැක් ගේ කතාවට මේව ඔක්කොම වැදගත් කියල. හැබැයි දැන් කියනව එමෙ නැහැ කියල. මේක ලේඛකයා සහ විද්වතා ජිජැක් පිළිබඳ දරණ අදහස් වල වෙනසක් වගෙයි පේන්නෙ.

දැන් විද්වතා කියනවා“ජිජැක් වැදගත් වන දෙවන කාරණාව වෙන්නෙඔහු දෘෂ්ටිවාදය විවේචනය කිරීම“ කියල.ඒ කියන්නෙ වෙන කවුරුත් ඒක කරන්නෙ නැති නිසාද? නැත්නම් ජිජැක් ඒක කරන විදිය අලුත්ම විදියක් නිසාද?

ඊළඟට විද්වතා කියනව “ ඇත්තට ම මේ මොහොත දෘෂ්ටිවාදියි. මේ පවතින යහපාලනය ඇතුළු හැම දේශපාලන සන්දර්භයක් ම ගොඩනැගෙන්නෙ දෘෂ්ටිවාදය මත. මේ හැම දෙයක් ම දෘෂ්ටිවාදයක් ලෙස ගොඩනැගෙන විට ධනවාදය ඇවිත් ඇ‍ෙඟ් හැපෙනවා.“ කියල.
දැන් මේ කියන්නෙ මොකක් කියලද අපි හිතාගන්න ඕන. දේශපාලනය දෘෂ්ටිවාදය මත, ඒ ලෙස, ගොඩ නැගෙන්නක් කියන එක වගෙයි පේන්නෙ. මෙතන දෘෂ්ටිවාදය කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද කියල කියන්නෙත් නැහැ. මේ මොහොත කියන්නෙ මොකක්ද? ලංකාවෙද? ලෝකයෙමද? එතකොට ධනවාදය ඇවිත් ඇගේ හැපෙනවා කියන්නේ මොකක්ද? දැන් විද්වතා ඒ සදහා උදාහරණයක් දෙනවා මෙන්න මෙහෙම.

“ එහි හොඳම අවස්ථාව වෙන්නෙ මහබැංකු ප‍්‍රශ්නය. අපි කවුරු කොහොම කතා කරත් ප‍්‍රාග්ධනය ක‍්‍රියාත්මක වෙන විදියක් තිබෙනවා. මේ පාලකයො කිව්වද ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙනව කියල, එහෙම නැත්නම් ධනවාදය මානුෂිකකරණය කරනව කියල? නැහැ. ඇයි ඒ? ධනවාදයට ඒ කතන්දර අවශ්‍ය නැහැ. එය ඍජුව ම ක‍්‍රියාත්මක කරන හෝ ක‍්‍රියාත්මක වෙන විදියක් තිබෙනවා. අන්න ඒ විදිය නිර්වස්ත‍්‍රව ම දැකපු අවස්ථාව වෙන්නෙ මහබැංකු සිද්ධිය. එතැනදි අහවලා අහවලා වැරැදියි කියන්න අවශ්‍ය නැහැ. නමුත් ඒක ක‍්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියල සාකච්ජාව කරන්න අවශ්‍ය යි. අපි මොන තර්ක ගෙනාවත් එය ක‍්‍රියාත්මක වෙන්නෙ එයට ම ආවේණික තර්කයක් තුළ. ඒ නිසා අපට මහබැංකුවේ සිද්ධිය හරහා ප‍්‍රාග්ධනයේ තිබෙන අශ්ලීල (Obscene) කොටස හමුවෙනවා. එය මීට පෙරත් නිර්වස්ත‍්‍රව ම සිද්ධ වුණා. නමුත් කවුරුවත් දැක්කෙ නැහැ. ඒ නිසා අපි මේ යහපාලනය ගැන කෙතරම් කතා කළත් ගැටලුව තිබෙන්නෙ එතැන නෙවෙයි. ප‍්‍රශ්නය තිබෙන්නෙ ධනවාදය ක‍්‍රියාත්මක වෙන ස්ථානයේ. ජිජැක් වගේ දාර්ශනිකයෙක් අපිට වැදගත් වෙන්නෙ අන්න එතැනදි යි.“

දැන් මේ කතාව, මේ මොහොතේ දේශපාලනය දෘෂ්ටිවාදය මත පදනම් වෙනවා එතකොට ධනවාදය ඇවිත් ඇගේ හැපෙනවා කියන එක පැහැදිලි කරන්නේ කොහොමද? මේ උදාහරණයේ දෘෂ්ටිවාදය මත ගොඩ නැගුණු දේශපාලනය මොකක්ද? විද්වතා කියන විදියට “ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙනව කියල, එහෙම නැත්නම් ධනවාදය මානුෂිකකරණය කරනව කියල“ නොකිව්ව එකද? හැබැයි ඒ එක්කම කියනව “අපි මේ යහපාලනය ගැන කෙතරම් කතා කළත් ගැටලුව තිබෙන්නෙ එතැන නෙවෙයි“ කියලත්. ඒ කියන්නෙ යහපාලනය ද මෙතන දෘෂ්ටිවාදය? මහබැංකු සිද්ධිය කියන්නෙ ධනවාදය ඇගේ හැපීමද? එහෙම නම් ඒක සරලව කියන්න පුළුවන් නේ.

දැන් මේ මහ බැංකු සිද්ධිය කියන්නේ රාජ්‍ය මුදල් සම්පත් අයථා පරිහරණය කළ අවස්ථාවක්. මේක හරහා අපට “ප‍්‍රාග්ධනයේ තිබෙන අශ්ලීල (Obscene) කොටස හමුවෙනවා“ කියන එකේ තේරුම මොකක්ද? දැන් මේ සිදුවුණේ ප්‍රාග්ධනයේ අදෘශ්‍යමාන විශ්වීය ක්‍රියාවලිය ලංකාවේ යහපාලන දේශපාලන දෘෂ්ටිවාදයේ ඇඟේ හැපෙන එකද? මෙතන ප්‍රාග්ධනය ධනවාදයෙන් වෙනස් වෙන්නේ කොහොමද? මෙතන ධනවාදය සහ ප්‍රාග්ධනය අතර මේ විද්වතා කලින් කිව් වෙනස ස්ථාන ගත වෙන්නේ කොහොමද? මෙතන අශ්ලීල වෙන්නේ කිසියම් දූෂණයක් වෙච්ච එකද? ඒ කියන්නේ ප්‍රාග්ධනය සාමාන්‍යයෙන් ශිෂ්ට සම්පන්න (decent) කියන එකද? දැන් “එය මීට පෙරත් නිර්වස්ත‍්‍රව ම සිද්ධ වුණා. නමුත් කවුරුවත් දැක්කෙ නැහැ“කියන්නෙ මහ බැංකුව ගැනද? නැත්නම් ලංකාවේ ප්‍රාග්ධනය ක්‍රියාත්මක වෙන හැටි ගැනද? ධනවාදය ක්‍රියාත්මක වෙන හැටි ගැනද? ලංකාවේ රාජ්‍ය අංශයේ සම්පත් අයථා ලෙස යොදා ගෙන පෞද්ගලික ධනය තර කර ගන්නා ආකාර ගැන මීට පෙර හෙලිදරව් කෙරීම් කෙරුණා නේද? ඉතින් මේක අලුත් දෙයක් වන්නේ යහපාලන ආණ්ඩුව බලයට ආ ගමන්ම එය සිදු කෙරුණු නිසා සහ එය වසන් කොට එයට සම්බන්ධ ප්‍ර‍ධාන පුද්ගලයා ආරක්ෂා කිරීමට රනිල් ක්‍රියාකළ ආකාරය නිසා නේද?

ඔන්න ඒ පාර ලේඛකයා අලුත් ප්‍ර‍ශ්නයක් අහනවා
“ට්‍රොට්ස්කිවාදය තුළ ම ස්ටාලින්වාදයත් තිබෙනවා කියල මම යෝජනා කළොත්?‘‘
the-origin-of-socialist-realism

මේ ප්‍ර‍ශ්නේ ආවේ කොහෙන්ද? දැන් මේ කතා කරන්නේ ජිජැක් ගේ අදහස් ගැනද? කතා කරන විද්වතාගේ අදහස් ගැනද කියලත් හිතාගන්න අමාරුයි.


“ දැන් මම ඔබේ දෙවන ප‍්‍රශ්නයට යොමු වෙන්නම්. ඔබේ ප‍්‍රශ්නය වෙන්නෙ ට්‍රොට්ස්කිවාදය තුළ ම ස්ටාලින්වාදය තියනවද කියන කාරණය. මෙය වඩාත් පැහැදිලි කරනවා නම්, ඒකාධිකාරී ස්වරූපය. එහෙමත් නැත්නම් සමස්තතාවාදී ලක්ෂණය. මේ අත්දැකීම ගැන සාපේක්ෂව කතා කරන්න අපි ලංකාව දෙසට ම හැරෙමු. ට්‍රොට්ස්වාදය තුළින් පමණක් නොවෙයි, අද දකින ලිබරල් ධනවාදය තුළින් ම තමයි අද දකින්න තිබෙන ඒකාධිකාරිය මතු වී තිබෙන්නේ. මෙච්චර කාලයක් ලෝකය ධනවාදය දැක්කෙ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලබා දෙන දෙයක් විදියට. නමුත් අද ඒක වෙනස් වෙලා. අද ධනවාදය හොඳින් ම ක‍්‍රියාත්මක වෙන්නෙ ඒකාධිකාරිය හරහා. ඒක චීන සහ සිංගප්පූරු මොඩලයේ ධනවාදය. පසුගිය සමයේ ලංකාවෙ ක‍්‍රියාත්මක වෙන්න හැදුවෙත් මේ ක‍්‍රමය ම යි. “
මෙතන කියන්න හදනවා (අදහස කාගේද කියල කියන්නේ නැහැ) ලිබරල්වාදය සහ ධනවාදය අතර සම්බන්ධයක් ගැන. “ ලිබරල් ධනවාදය “ කියන්නේ මොකක්ද? නව ලිබරල්වාදය ද? “ මෙච්චර කාලයක් ලෝකය ධනවාදය දැක්කෙ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලබා දෙන දෙයක් විදියට“ කියල කියනව. ලිබරල්වාදය යි ධනවාදයයි අතර ඇත්තටම මෙහෙම සම්බන්ධයක් තිබිල තියෙනවද? කවුද කියන්නේ? සාක්ෂි තියෙනවද? ලිබරල්වාදය කියල මෙතන කියන්නේ මොකක් ගැනද? ලේඛකයා විද්වතා පාඨකයා දන්නවද? “ අද ධනවාදය හොඳින් ම ක‍්‍රියාත්මක වෙන්නෙ ඒකාධිකාරිය හරහා“ කියල විද්වතා කියනව. මොකක්ද මේ “ඒකාධිකාරිය“ කියල පැහැදිලි නැහැ. ලෝකයේම ධනවාදය ක්‍රියාත්මක වෙන්නේ චීන සහ සිංගප්පූරු මොඩලයට අනුවද? එත කොට නව ලිබරල්වාදය කියන්නෙ මොකක්ද? මේ දෙකම එක මොඩලයේ ඒකාධිකාරයන් ද? සිංගප්පූරුව මුල සිටම ධනවාදී ආකෘතියකට හැඩ ගැසුන නමුත් චීනය සමාජවාදී ආකෘතියකට හැදිල දැන් ධනවාදී ආකෘතියකට මාරු වෙමින් ඉන්නවා නේද? එතකොට ඉන්දියාවේ ධනවාදය ක්‍රියාත්මක වෙන්නේ මොන ක්‍ර‍මයටද?

“ අනෙක් පැත්තෙන් බැලුවම සමාජවාදයේ ලක්ෂණ හරහාමත් ඒකාධිකාරී ලක්ෂණ මතුවීම“ කියල විද්වතා කියන කොට ඒක ලංකාවට අදාළ වෙන්න ඉස්සරවෙලා චීනයට අදාළ වෙනව නේද?

ඊට පස්සේ ලංකාවේ වම ගැන කතා බහ. “ අපි දන්නවා ලංකාවෙ තිබුණ වම තුළින් ම මේ ලක්ෂණ මතුවුණා. 71, 87-89, දෙමළ අරගලය හරහා අපි අත්වින්දෙ මෙන්න මේ කියන වාමාංශික ඒකාධිකාරිය “ කියල විද්වතා කියනව. මේ අවස්ථා තුනම එක හා සමානද? 71 ආයුධ සන්නද්ධ කැරැල්ල නැතහොත් නැගිටීම, රාජ්‍යය පෙරලා දැමීමේ 87-89 ත්‍ර‍ස්තවාදය මුල් කර ගත් උත්සාහය, දෙමළ අරගලය – මුලින් වාමාංශික මතවාදය මුල් කරගෙන ඇරඹුනත් පසුව එය ප්‍ර‍භාකරන් ගේ නායකත්වය යටතේ ත්‍ර‍ස්තවාදය බවට හැරෙනවා.
මේ වෙනස් අවස්ථාවල පෙන්නුම් කරන ඒකාධිකාරය සහ ත්‍ර‍ස්තවාදය දෙකම එකක් ද? ඒ වගේම මෙතන තියෙනවා වගේ පෙනෙන එල්ටීටීඊ සංවිධානය සහ ප්‍රභාකරන් ගැන විවේචනය ඔවුන් ගැන දීප්ති දැරූ ඔවුන් විමුක්තිදායකයන් විදියට සැළකීමේ ආකල්පයෙන් වෙනස් වීම වැදගත් කාරණයක්. මෙය මේ ගැන පෙරටුගාමී පක්ෂයේ නව ආස්ථානයද දන්නේ නැහැ.

මේ හා භෞතිකව ඒ තරම් දුර නොගියත් හරයෙන් එ හා සමාන අධිකාරවාදයක්ම නේද කාලයක් තිස්සේ X කණ්ඩායම ලංකාවේ දේශපාලනය මත මුදා හරිමින් ඉඳල තියෙන්නෙ. අදත් ඔවුන් සමාජය මත ප්‍ර‍චණ්ඩත්වය මුදා හරිමින් ඉන්නවා.

ඒ වගේම අපිට අමතක කරන්න බැහැ රාජ්‍යය මුල් කරගෙන ලංකාවේ සමාජයට එජාප වගේම ශ්‍රිලනිප රජයන් යටතේ දියත් වුණු රාජ්‍ය මර්ධනයට මුල් වන ඒකාධිකාරවාදී මානසිකත්වයට ලංකාවේ සමාජයේ ජන කොටස් දැක්වූ අනුමැතිය සහ සහයෝගය. මෙහිදී ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ සමාජයට දියත් කළ රාජ්‍ය මර්ධනකාරී ඒකාධිකාරවාදය ගැන විශේෂයෙන් අප සිතා බැලිය යුතුයි.දැන් විද්වතා කියනවා
“ ඇයි එහෙම වෙන්නෙ? ඒ ප‍්‍රශ්නයට ජිජැක් පිළිතුරු සපයනවා. ජිජැක් මේ සම්බන්ධයෙන් දක්වන අදහස වෙන්නෙ මේ කාරණය අවිඥානිකයි කියලා. මේ සම්බන්ධයෙන් දීප්තිත් යම් යම් අවස්ථාවල අදහස් දක්වා තිබෙනවා. අපි මහා අනෙකාට එහෙමත් නැත්නම් ස්වාමි හැඟවුම්කාරකයාට යටත් වීමට තිබෙන කැමැත්ත නිසයි මේ ඒකාධිකාරිය මතු වෙන්නෙ“ කියල.

ජිජැක් වගේම දීප්ති ත් අදහස් දක්වල තියෙනවලු. ඉතින් ජිජැක් ගේ අදහස් වලින් වෙනස්ව දීප්ති කියල තියෙන්නේ මොනවද කියල විද්වතා කියන්නෙ නැහැ.මේ අනුව ජිජැක් කියන්නේ වමේ ව්‍යාපාරය තුළින් ඒකාධිකාරවාදී බව මතුවීම “ අවිඥානිකයි“ කියලා. කොහෙන්ද මේ වමේ ඒකාධිකාරයේ අවිඥානික බව එන්නෙ? විද්වතා කියන්නේ ජිජැක් ට අනුව “අපි මහා අනෙකාට එහෙමත් නැත්නම් ස්වාමි හැඟවුම්කාරකයාට යටත් වීමට තිබෙන කැමැත්ත“ තමයි අවිඥානිකව අපි අධිකාරවාදී කරන්නේ.

මෙතන අපිට දැනගන්න නැති දේ තමයි මේ ‘මහා අනෙකා‘‘නැත්නම් ස්වාමි හැඟවුම්කාරකය‘කියල ජිජැක් අදහස් කරන්නේ මොකක්ද කියල. ඉතින් ගැමි තරුණයා මේක තේරුම් ගන්නේ කොහොමද? ජිජැක් ‘මහා අනෙකා‘ කියන්නෙ ලකානියානු අර්ථයෙන් ‘සංකේත පර්යාය‘ (symbolic order) ද?

ජිජැක් තම “ The Big Other Doesn’t Exist“ නමැති ලිපියේ දිගටම මේ ගැන කියන්නේ මෙහෙමයි the big Other (the symbolic order සංකේත පර්යාය ) big Other (the symbolic order that regulates social life සමාජීය ජීවිතය ක්‍ර‍මිකව හසුරුවන සංකේත පර්යාය)

http://www.lacan.com/zizekother.htm

මෙන්න සංකේත පර්යාය ගැන සරල අදහසක්.

The social world of linguistic communication, intersubjective relations, knowledge of ideological conventions, and the acceptance of the law (also called the “big Other”). Once a child enters into language and accepts the rules and dictates of society, it is able to deal with others.

භාෂාමය සන්නිවේදනය, අන්තර්විෂයීක සබදතා, මතවාදී සම්මතයන් පිළිබඳ දැනුම, නීතිය පිළිගැනීම (එනම් “මහා අනෙකා“) . ළමයෙකු භාෂාවට ඇතුළු වී සමාජයේ රීති සහ අණ පණත් පිළිගන්නා විට ඇයට අන් අය සමඟ ගණු දෙනු කළ හැකි වෙයි.

https://www.cla.purdue.edu/english/theory/psychoanalysis/definitions/symbolicorder.html

ජිජැක් මේ ගැන කරන සංකීරණ විග්‍ර‍හය ගැමි තරුණයාට කියා දීම මේ ලේඛකයා සහ විද්වතා එක්ව ඉදිරියේදී කරණු ඇතැයි අපි බලාපොරොත්තුවෙනව.

ඉතින් ඒ සංකීර්ණ අදහස් ගැන සාකච්ඡාව ඉස්සරහට තියල ඉහත සරල අදහස් මත, ‘මහ අනෙකාට එනම් සංකේත පර්යායට – යටත් වීමට අපේ ඇති කැමැත්ත අපි අවිඥාණිකව අධිකාරවාදී‘ බවට පත් කරනවා යන අදහස මත වමේ අධිකාරවාදය පැහැදිළි කරන්නඅවශ්‍යයි. ඒ සඳහා මේ ලිපියේ ලේඛකයා සහ විද්වතා පළකරන අදහස ගැන මූලික අදහසක් ගොනු කරන්න අපි කැමතියි.

අපි ජීවත් වන්නේ සංකේත ලෝකයේ. ඒකට අපි කැමති තමයි. ඒ අපේ ජීවිතය ඒක නැතුව ගෙනියන්න බැරි නිසා. ඒකට එකඟ වීම අපේ ජීවිතය පහසු කරනව. නමුත් අපි කවුරුත් අත් දැකීමෙන්ම දන්න විදියට අපි ආරම්භයේ සිටම ඒකට ප්‍ර‍තිරෝධය දැක්වීමත් කරනව. හැබැයි ඒ ප්‍ර‍තිරෝධය දැක්වීම අපට කරන්න වෙන්නෙත් එම සංකේත පර්යායෙන් පැනවෙන සීමාව ඇතුලෙම ඒකෙන්ම සැපයෙන සම්පත් යොදාගෙන තමයි. වෙන ක්‍ර‍මයක් අපිට නැහැ.

අධිකාරවාදය පිළිබඳ මේ ලිපියේ දී ඇති උදාහරණ වලින් කියැවෙන්නේ සංකේත ලෝකය හැසිරවීම තමන් ගේ අධිකාරය යටතට ගැනීමට නැත්නම් තමා මහ අනෙකා බවට පත්වීමට ඇති අපේක්ෂාවෙන් කටයුතු කිරීමක්. අනෙත් අතින් කියන්න පුළුවන් අධිකාරවාදය පිළිගන්න කැමති අය ඉන්නකං තමයි අධිකාරවාදයක් පිහිටුවන්න පුළුවන් වෙන්නෙ. අධිකාරවාදය පිහිටුවීමට හවුල්කර ගන්නෙ එවැනි අය. අනිත් අය මත අධිකාරවාදය බලෙන් පටවන්න. උදාහරණයක් වශයෙන් 1971 ජවිපෙ ට බැඳිල එහි මතය අවිචාර‍යෙන් පිළිගත්තඅය එහි අධිකාරවාදය පිළිගත්අය. අනිත් අවස්ථා දෙකේමත් එහෙමයි. නමුත් සමහරු අධිකාරවාදය ඔවුන් මත පනවපු නිසා මර්ධනයට බයේ මේ සංවිධාන වල රඳවා ගත්තා වෙන්නත් පුළුවන්.

සංකේත පර්යාය ඇතුලේ හැර ක්‍රියා කරන්න වෙනත් තැනක් නැති නිසා ඒ තුළ සිටියත් ඒකෙන් කියවෙන්නේ නැහැ එතුළ සිටින හැම දෙනාම ඊට යටත් වීමේ කැමැත්තෙන් ඉන්නව කියල.

අධිකාරවාදයේ මූලයන් පදනම් කුමක්ද කියන එකයි සිතා බැලිය යුතු කාරණය. කාලාම සූත්‍ර‍ය වගේ අධිකාරවාදයට එරෙහිව යන අදහසක් එන්නෙත් සංකේත පර්යාය ඇතුලෙන්ම නේද? එතකොට කෙනෙක් කියන්න පුළුවන් කාලාම සූත්‍ර‍යමත් සංකේත පර්යායේ කොටසක් කියල. ඒ අර්ථයෙන් ගත්තොත් තමයි සංකේත පර්යායෙන් පිට තැනක් අපට නැහැ කියන්නේ ක්‍රියාත්මක වෙන්න. ඉතින් සංකේත පර්යාය ඇතුලේ සිටින නිසාම මිනිස්සු හැමෝමත් අධිකාරවාදී නැහැ. ප්‍රජාතන්ත්‍ර‍වාදය වගේ අදහස් මානව සමාජයේ මතුවෙලා තියෙනව අධිකාරවාදයට එරෙහිව.

“ භාෂාමය සන්නිවේදනය, අන්තර්විෂයීක සබදතා, මතවාදී සම්මතයන් පිළිබඳ දැනුම, නීතිය පිළිගැනීම“ මේ හැම එකක්ම සමාජ පර්යාය පවත්වාගෙන යාමට මානවයන්ට උදවු වෙනව. ගැටලුව වෙන්නෙ මේව අධිකාරවාදයක් බවට හැරවෙන්නේ කොයි අවස්ථාවෙද කුමන හේතු නිසාද කියන එකයි. භාෂාමය සන්නිවේදනය මානව පැවැත්මේ පදනමයි. එය පදනම් කොට ගෙන තමයි අපි අන්තර් වෛෂයික සබඳතා ගොඩ නගන්නෙ. මතවාදී සම්මතයන් පිළිබඳදැනුම අපට මේ සඳහා ආරම්භයක් සපයනව. නීතිය පිළිගැනීමෙන් අපි සමාජීය කටයුතු කිරීමට රාමුවක් සපයා ගන්නව. සමජායක් ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී වන තරමට සංකේතමය පර්යාය මේ ආකාරයෙන් අපට ස්වාධීන වීමට අවශ්‍ය රාමුව සපයනවා මිස අප ඊට සහමුලින් යටත් කරගන්නේ නැහැ. වෙනත් විධියකින් කියනවා නම් සංකේතමය පර්යාය අපව අනිවාර්යයෙන් එයට යටත් කර ගන්නෙ නැහැ. සම්මතයට අනුව ජීවත් වීම අපි අධිකාරවාදී කරන්නේ අධිකාරවාදී සංකේතමය පර්යායක් තිබෙන තැනකයි. ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී තත්වයන් යටතේ සංකේතමය පර්යායට යටත් වීමට ඇති කැමැත්ත එන්නේ කොහෙන්ද?

ජිජැක් කියන්න හදන්නෙ අධිකාරවාදයට යටත් වීමට ඇති කැමැත්ත අවිඥාණකව අපි අපේ පැවැත්මට ඇතුළු කර ගන්නා සංකේතීය පර්යායෙන් පැන නගින එකක් කියලද නැත්නම් ඊට අහු නොවෙන ඊට පෙරාතුව පවතින අපේ මානව සත්ත්ව ස්වභාවයෙන් පැණ නගිනව කියලද? දෙවෙනි අදහසේ තියෙනව මානව ස්වභාවයක් පිළිබඳ අදහසක්. ඒ කියන්නේ මානවයා ස්වභාවයෙන් ම ප්‍ර‍චණ්ඩවාදී නැඹුරුවක් ඇති කෙනෙක් කියන අදහස. මේක මානවයා පිළිබඳ සත්‍යයක් නෙවෙයි. නූතනත්වය යටතේ ගොඩ නගන ලද අදහසක්. මෙය හොබ්ස් සහ ෆ්‍රොයිඩ් ගේ අදහස් මත වර්ධනය කෙරුණු අදහසක්.

මෙම ලිපියේ මෙම කොටසේ අවසානයට මෙහෙම ලියනවා.

“ ලංකාවෙ සමාජවාදය පිළිබඳ කතා කරන හැම දේශපාලන පක්ෂයක් ම ආරම්භ කරන්නෙ මනෝමූලිකතාවයෙන්. මම දන්න විදියට වාස්තවික තත්ත්වයෙන් වෙනත් විදියකින් කියනවා නම් මනෝමූලිකත්වයෙන් බැහැර වෙලා විචාරය ගෙනාවෙ දීප්තිලා.“

ඉතින් මොකක්ද මේ දීප්ති ගේ වාස්තවික විචාරය? ඊළඟ කොටසින් කියවන්න ලැබෙයි නේද?

මතු සම්බන්ධයි

සාකච්ඡා සටහන – ජයසිරි අලවත්ත