අයිතිවාසිකම්

‘‘නීතිය – ඒ බියකරු දෙය’’ – විසම්මුතිවාදී මතකය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අනාගතය

Posted on Updated on

‘‘නීතිය – ඒ බියකරු දෙය’’
විසම්මුතිවාදී මතකය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අනාගතය
වාසුකි නේසයියා
වාසුකි නේසයියා
වාසුකි නේසයියා
“……මගේ දේශනයේ ආරම්භයේ දීම නීලන් හාර්වඞ් හි ඔහුගේ නීති ශිෂ්‍යයන්ට ඉදිරිපත් කිරීමට සිටි අනෙක් සම්භාව්‍ය සාහිත්‍ය කෘතිය වූයේ සීලප්පදිකරම් යැයි පැවසුවෙමි. මම සීලප්පදිකාරම් ගැන වැඩිපුර කතා නොකළත් එහි උපදේශනයකින් අවසන් කිරීමට කැමැත්තෙමි. කන්නාහි මදුරේ රජ මාලිගයට කඩා වදින්නේ යුක්තිය හා පාලකයන්ගේ අසාධාරණකම් වලට එරෙහිව කතා කිරීමේ පුරවැසි අයිතිය ගැන දුක්ගැනවිල්ලක් සමගය. ‘‘ මෙහි ගෑනු නැද්ද? මේ රටේ මිනිස්සු නැද්ද? ’’ ඇය අසයි. ‘‘ මෙහි අවංක මිනිසුන් නැද්ද? ඉන්නේ තමන්ගේම රුධිරයෙන් පෝෂණය වන පුතුන් රකින සිටින මිනිසුන් පමණ ද?’’ කන්නාහි පවතින ක‍්‍රමය ගැන විවේචනය කිරීමට අමතරව තම සැමියා මරා දැමූ ක‍්‍රමය ද හෙළා දකියි. ඇය මෙම ක‍්‍රමය දෙස බලා සිටින්නන් හා එහි හවුල්කරුවන් විවේචනය කරයි. මෙම වීර කාව්‍යයේ ගුණය වන්නේත් ඉන් නීලන් උපුටා ගත්තේත්, ව්‍යවස්ථා නීතිය ගැන සිතීමේ දී නායකයන්ට සිදුවිය හැකි වැරදි සහ දූෂිත ක‍්‍රමයක් බිඳ දැමීමේ දී සාමාන්‍ය මිනිසුන්ට ඇති බලයත් ය. කන්නාහි කොවලාන් ගැන දුක්වීමෙන් සෑහීමට පත්වූයේ නැත. පාඩුව පුද්ගලික දෙයක් බවට පත් කර ගෙන ශෝකය තමාම විඳ දරාගෙන සිටිනු වෙනුවට ඇයට යුක්තිය නොමග යෑමට ඉඩ සැලසූ ක‍්‍රමයට අභියෝග කිරීමටත් එය වෙනස් කිරීමටත් අවශ්‍ය විය.”
නීලන් තිරුචෙල්වම්
නීලන් තිරුචෙල්වම්

1999 දී මම ඇමරිකාවේ අධ්‍යාපනය ලබමින් සිටියෙමි. මා ඒ සරත් සමයේ කොළඹට පැමිණියේ, ව්‍යාපෘති ගණනාවක විශේෂයෙන්ම නීලන් එම ශීතයේ , හාර්වඞ් නීති විද්‍යාලයේ උගන්වන පාඨ මාලාවේ පර්යේෂණ සහායිකාවක් වශයෙන් වැඩ කිරීමටය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා, සිවිල් අයිතිවාසිකම් හා යුක්තිය සඳහා වූ අරගල අඩංගු වන පාඨ මාලාවක දී ඔහුට නීති විද්‍යාලයක සම්මත පාඨ මාලාවන්ට අයත් වන නඩු නීති සහ නෛතික බහුශ‍්‍රත භාවයෙන් ඔබ්බට ගොස් දෙමළ වීර කාව්‍යයක් වන සීලප්පදිකාරම් හා ග‍්‍රීක නාට්‍යයක් වන ඇන්ටිගනි ඇතුළත් කිරීමට අවශ්‍ය විය. මෙම දේශනයේ දී විසම්මුතිවාදී මතකය හා බහුත්වවාදී දේශපාලනයේ තේමා ගවේෂණය කිරීමේ දී එහි පාඨ යොදා ගැනීමට මම අදහස් කරමි. මගේ මූලික අවධානය ඇන්ටිගනි කෙරේ යොමු වන අතර ඈන් කාර්සන් විසින් පරිවර්තනය කළ කාව්‍යය, Antigonick,මත වැඩියෙන්ම රැඳෙන්නෙමි.

පළමුවෙන්ම මෙම කතා දෙකින් ඉදිරිපත් කෙරෙන කරුණු දෙස කෙටියෙන් සලකා බලමු. Read the rest of this entry »