Month: November 2013

ඩෙරීඩාගේ ඩීකන්ස්ට්‍රක්ෂන් හෙවත් විසන්කාර කිරීම – දෙවැනි කොටස

Posted on Updated on

 නලීන් ස්වාරිස්
නලීන් ස්වාරිස්

පරීක්ෂාකාරීව හෙළා දැකීම වෙනුවට ස්ත්‍රියව විචාර බුද්ධියෙන් දුර්වල හැඟීමෙන් පිරුණු (emotional being) හැටියට පිළිඹිඹු කිරීම. හැඟීම් පාලනය කරගන්න බැරි මොර ගැසීමේ මානසික රෝගය ඔහු හැඳින්වූයේ හිස්ටීරියා (hysteria) කියලා – කුසයේ රෝගයක් හැටියට එය වැඩියෙන්ම ගැහැණුනගේ රෝගයක් හැටියට. මේවා ඉතා අපූරුවට ඩෙරීඩා නිරාකරණය කරනවා.

ඩෙරීඩාගේ ඩීකන්ස්ට්‍රක්ෂන් හෙවත් විසන්කාර කිරීම – දෙවැනි කොටස

ආචාර්ය නලීන් ස්වාරිස්

ඩෙරීඩා
ඩෙරීඩා

මෙසේ සාහිත්‍යය සහ ශාස්ත්‍රීය කෘතීන් – ඩෙරීඩා මෙන් හදාරන වැදගත් ගුරුකුලයක් සාහිත්‍යය ලෝකයේ ඉන්දියාවේ බිහි වී තියෙනව “නිර්ප්‍රභූ අධ්‍යයන ගුරුකුලය” යනුවෙන්. මෙහි වැදගත් නම් ගයත්‍රි ස්පිවැක්, රනජිත් ගුහා. මොවුන් ඩෙරීඩා අනුගාමිකයින් හැටියට හඳුන්වා දෙනවා. නමුත් මෙතැනත් ඇත්තේ සමානවත් අදහසක්. ශාස්ත්‍රීය පොතක්, ඉතිහාස පොතක් කියනා විට – “අනෙකා”, “- the other -”උච්ඡාරණය වෙන හැටි හෝ යට වෙන හැටි හෝ සොයා ගත යුතුයි.

මෙතන කිවයුතු වැදගත් දෙයක්, බුදුන්ගෙ අනත්ත ධර්මය, පටිච්ච සමුප්පාදය, අනත්ත ධර්මය තේරුම් ගෙන නිතර කියන්නෙ මම “පර-අපර” ද්විත්වයෙන් මිදුනා කියල.

මෙය අපේ බුද්ධිමය උරුමයට (intellectual tradition) ආගන්තුක දෙයක් නොවෙයි. බුදුන් සියල්ලම දිට්ඨි ජාලාවක් – දැලක් – හැටියට හඳුන්වා දුන්නා. මෙය බටහිර වැරදි විදියට පරිවර්තනය වෙනවා ideology විදියට. දිට්ඨිය, ideology වලට පෙර පිටුපස තියනා දෙයක්. Ideology එකක් කියන්නේ යම් දිට්ඨියක් තර්කානුකූලව “විද්‍යානුකූලව” ඔප්පු කිරීමයි.

සාමාන්‍යයෙන් සෑම දෙනාටම “දිට්ඨියක්”, දැලක් තියෙනවා. මේ “සාමාන්‍යය” වෙච්ව දෙය බුද්ධිමතුන් හදාපු ideology එක්ක සමාජය තුළ මුල් ඇදීම වෙන්න පුළුවන්. නමුත් එය තේරුම් කර ගන්නට පොත් බලන්න පෙර – අප තුළ දිට්ඨි ගත වී තිබෙන විනය විවේචනාත්මකව මෙනෙහි කොට තේරුම් ගත්ත හැකි. සවිඥානකත්වය විවේචනාත්මකව පිරික්සා බැලීම. බුදුන් මෙහෙම දිට්ඨිගතයෙන් ලෝකය අත්දකින විනයට පොදුජන විනය කිව්වා. ආත්මය කියනා දැලෙන් බැළුවහම “මම” වෙන්වී “පුද්ගලිකව”, පවතින්නෙ පුද්ගලයෙක් පමණක් නොව මුළු ලෝකයම ස්වභාවයෙන් වෙන් වෙන් දේවල් හැටියට පෙනෙන්නේ. මගේ ඇස් දෙක ඉදිරියෙ පෙනෙන “මම” (Ego) යන දැලේ තන්තු අතරින්, මෙසේ තමයි සාමාන්‍ය පුද්ගලයන්ට ලෝකය ඉන්ද්‍රියයන් වල සීමා නිසා පෙනෙන්නේ. පොදුජන විනයට කියන්න පුළුවන් “එදිනෙදා සවිඥානකත්වය (every day consciousness) කියලා”. ප්ලේටෝ, ඇරිස්ටෝටල්, හේගල් වැනි ලෝක වරප්‍රසාද දිනූ බුද්ධිමතුන් (ලංකාවේ වුනත්) කරන්නේ ඉතා උගත් විග්‍රහ මගින් මේ පොදුජන විනය තහවුරු කිරීමක් (reinforce -reassure) මුක්කු ගැසීමක්, අත්තිවාරම් තව ශක්තිමත් කිරීමක් පමණයි. පොදු ජනයාගේත් තමන්ගේත් මෝහ, රාග, දෝෂ, උගත් විදියට, වැදගත් විදියට උච්චාරනය කිරීමයි. තව අය තව මෝහයකින් ඊට විරුද්ධව තව ශාස්ත්‍රීය පොත් ලියනවා. සමාන්‍ය රුචි/අරුචි නිසා තමයි බුද්ධිමතුන්ගේ “ශාස්ත්‍රීය” අදහස් පොදු ජනතාව තුළ ප්‍රතිරාව වෙන්නේ. දෙපැත්ත එකිනෙක පෝෂණය කරනවා. බුදුන් මේ දැල දැක්කා. ඔහු මනුෂ්‍යයාව දැක්කේ මේ දැල් වලට අහුවෙලා, ගොදුරුවෙලා එහාට මෙහාට දඟලන මත්සයො වගේ. එක දිට්ඨියකින් නිදහස් වෙන්නේ තව එකකට ගොදුරු වීමෙන්. දැලෙන් දැලට පීනන මාළු වගේ. “බ්‍රහ්මජාල සූත්‍රයේ” – “මම දැල් සියල්ලම ඇල්ලුවා කැඩුවා” යයි බුදුන් කියනවා. මත්සයන් මෙන් දැල්වල් අහුවී සිටිනා මනුෂ්‍යයාට විමුක්තිය වෙත පීනා යන්නට දැන් පුළුවන්. දැලේ හොරය පෙන්වා දුන්නා. “මම දැල අල්ලන මා දැල් කාරයෙක්මි” වෙන අවස්ථාවකදී බුදුන් කීවා. “මට දිට්ඨියක් (දැක්මක්) අවශ්‍ය නැත. මම පැහැදිළිව දකිනවා”. Read the rest of this entry »